gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

ඉරාජ් නිරුවතින් පාරේ යන්න අබියෝගය බාර ගනී...

තමන්ට එල්ල කරන දූෂණ චෝදනා ඔප්පු කළහොත් නිරුවතින් මහමග යන බවට සංගීත ශිල්පී ඉරාජ් වීරරත්න යූ ටියුබ් ක්‍රියාකාරී සුදත්ත තිලකසිරි හෙවත් 'සුදා' වෙත විවෘත අභියෝගයක් ඉදිරිපත් කර තිබේ. හිටපු අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා සහ ජාතික තරුණ සේවා සභාව එක්ව සංවිධානය කළ 'ස්මාර්ට් යූත්'ප්‍රසංග මාලාව මෙහෙයවමින් ඉරාජ් වීරරත්න මහතා රුපියල් කෝටි ගණනක මුදලක් උපයා ඇති බවට සුදා විසින් චෝදනා කර තිබිණි.

මෙම චෝදනා ප්‍රතික්ෂේප කරමින් ඉරාජ් වීරරත්න මහතා පවසන්නේ සති දෙකක් ඇතුළත එම චෝදනා ඔප්පු කරන ලෙසයි.

එසේ ඔප්පු කිරීමට හැකි වුවහොත් තමන් පැලවත්ත ප්‍රදේශයේ නිරුවතින් දිවීමට සූදානම් බවත්, ඔප්පු කිරීමට අපොහොසත් වුවහොත් සුදා විසින් ද අභියෝගය භාරගත යුතු බවත් ඔහු සඳහන් කළේය.

තමන් අදාළ ප්‍රසංග මාලාවේ සංවිධායකවරයෙකු නොවන බවත්, ජාතික තරුණ සේවා සභාවේ ආරාධනය මත මහරගම ඇතුළු ස්ථාන දෙකක පමණක් ගායනයෙන් දායක වූ බවත් ඉරාජ් මෙහිදී පැහැදිලි කළේය.

එහිදී ද තරුණ තරුණියන් වෙනුවෙන් තමන් සාමාන්‍යයෙන් අය කරන මුදලට වඩා අඩු මුදලක් ලබාගත් බවත්, තමන්ට එරෙහිව එල්ල වන්නේ පදනම් විරහිත චෝදනා බවත් ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka