බැකෝ සමන්ගේ මවට වෙඩි තබා ඝාතනය කරයි - ගණේමුල්ල සංජීව ඝාතනයට පළිගැනීමක් දැයි සැක!
ප්‍මිද්දෙණිය, උල්හිටියාව ප්‍රදේශයේදී ඊයේ (12) පස්වරුවේ වෙඩි ප්‍රහාරයකට ලක්ව තුවාල ලබා සිටි සංවිධානාත්මක අපරාධකරුවෙකු වන 'බැකෝ සමන්' නැමැත්තාගේ මව ජීවිතක්ෂයට පත්ව තිබේ. වෙඩි ප්‍රහාරයට ලක්වූ මවගේ පුත්‍රයා වන ‘බැකෝ සමන්’ නමැත්තා, ප්‍රබල පාතාල කල්ලියක සාමාජිකයෙකු වන කෙහෙල්බද්දර පද්මේ සමඟ මැලේසියාවේදී අත්අඩංගුවට පත්වූ අයෙකි.
මොවුන් දෙදෙනා මත්ද්‍රව්‍ය ජාවාරමට අමතරව රට තුළ සිදු වූ ප්‍රබල පාතාල ක්‍රියාකාරකම් රැසකට සෘජුවම සම්බන්ධ වී ඇති බවට තොරතුරු අනාවරණය වී තිබේ. ඒ අනුව මිද්දෙණියේදී සිදුකළ මෙම ප්‍රහාරය ගණේමුල්ල සංජීවගේ පාර්ශ්වය විසින් සිදුකරන ලද සෘජු පලිගැනීමේ ප්‍රහාරයක් ලෙස ආරක්ෂක අංශ හඳුනාගෙන ඇත.
අපරාධවලට කිසිදු සම්බන්ධයක් නැති කාන්තාවක ඉලක්ක කරගනිමින් මිද්දෙණියේදී සිදුකළ මෙම ප්‍රහාරය මෙරට පාතාල ඉතිහාසයේ සිදුවූ අතිශය මිලේච්ඡ ක්‍රියාවක් ලෙස අර්ථ දැක්විය හැක. සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් කිහිපයක් ඔස්සේ විශේෂ පරීක්ෂණ දැනටමත් ආරම්භ කර ඇත.
මේ පුවත තව අයට බලන්න
බැකෝ සමන්ගේ මවට වෙඩි තබා ඝාතනය කරයි - ගණේමුල්ල සංජීව ඝාතනයට පළිගැනීමක් දැයි සැක!
2026-08-13T07:51:00+05:30
Gossip Lanka Hot News





