පෙරහැර තහනම ගැන දේශපාලන වේදිකාවේ තවත් කතා එපා…! – ජනාධිපති අනුර දිසානායක
යළි කිසිදු දිනක මෙරට දේශපාලන වේදිකාවක පෙරහැර නතර කිරීම පිළිබඳ සාකච්ඡාවක් පැන නොනැඟිය යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.
“මෙම පෙරහැර මංගල්‍ය අත්හැරීම යනු අපේ මුළු ජාතියේම හෘදසාක්ෂිය, අධ්‍යාත්මය සහ ජාතියේ ජීවය මරා දැමීමයි.
පසුගිය සමයේ දේශපාලන වේදිකාවල පෙරහැර තහනමක් පිළිබඳ සාකච්ඡාවට ලක් වුණා. එවැනි ප්‍රකාශ කිරීම මොනතරම් කුරිරු දේශපාලන ව්‍යාපාරයක්ද. එයින් පෙනෙන්නේ අපේ ජාතියේම අධ්‍යාත්මය මරා දැමීමේ සහ සංස්කෘතියේ පාදම විනාශ කිරීමේ බලයක් හොබවනවා කියන එකයි.
මෙම පෙරහැර මංගල්‍ය තහනම් කිරීමේ උත්සාහයක් දරනවා කියන ප්‍රකාශයම මොනතරම් විනාශකාරීද. එය කිසිසේත්ම දේශපාලන වේදිකාවක සාකච්ඡාවකට හෝ තර්කයකට හෝ ගත යුතු කරුණක් නොවේ.
ඒ නිසා කිසිවෙකු තමන්ගේ දේශපාලන වේදිකාවක හෝ ආරෝවක් පිරිමසා ගැනීමට හෝ ගැටුම් විදාහ දැක්වීමට කිසිසේත්ම මෙම ඓතිහාසික උරුමය මත කටයුතු කිරීම සාධාරණ නැහැ.
නැවත කිසි දිනකවත් අපේ රටේ දේශපාලන වේදිකාවක පෙරහැර නතර කිරීම පිළිබඳ සාකච්ඡාවක් පැන නොනැඟිය යුතුයි.
අපේ ජාතියේ අධ්‍යාත්මය මරා දමන බව, ඓතිහාසික සංස්කෘතික උරුමය, ප්‍රෞඪත්වය සහ ආත්මය විනාශ කරන බව ප්‍රකාශ කිරීම සිදු නොකළ යුතුයි”
මහනුවර වාර්ෂික ඇසළ මහා පෙරහැර උත්කර්ෂවත් ලෙස පවත්වා අවසන් කළ බව සැලකෙරෙන සන්දේශය දියවඩන නිලමේ විසින් ජනාධිපතිවරයා වෙත පිළිගන්වනු ලැබූ අවස්ථාවේදී එතුමා මේ බව අවධාරණය කළේය.
මේ පුවත තව අයට බලන්න
පෙරහැර තහනම ගැන දේශපාලන වේදිකාවේ තවත් කතා එපා…! – ජනාධිපති අනුර දිසානායක
2026-08-29T13:21:00+05:30
Gossip Lanka Hot News






