බහාලුම් 323ක අභිරහස හෙළිවෙයි...
කොළඹ වරායෙන් නීත්‍යානුකූල පරීක්ෂාවකින් තොරව බහාලුම් 323ක් මුදාහැරීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කරන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ අවසන් වාර්තාව මෙම මස අවසානයේදී ඉදිරිපත් කිරීමට නියමිතය. පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරන පරිදි, අදාළ සිද්ධිය පිළිබඳ විමර්ශන කටයුතු මේ වන විට බොහෝ දුරට අවසන් කර ඇත.
වාර්තාවේ කෙටුම්පත ප්‍රථමයෙන් කාරක සභාව නියෝජනය කරන සාමාජික මන්ත්‍රීවරුන් වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර, ඔවුන්ගේ නිර්දේශ සහ නිරීක්ෂණ ඇතුළත් කිරීමෙන් අනතුරුව අවසන් වාර්තාව සකස් කෙරෙනු ඇත.
කාරක සභාව පිහිටුවීමේදී සම්මත වූ යෝජනාවට අනුව, එහි පළමු රැස්වීමේ සිට මාස තුනක් ඇතුළත වාර්තාව ඉදිරිපත් කළ යුතුව තිබේ.
මේ අතර, මෙම සිද්ධිය සම්බන්ධයෙන් මීට පෙර විමර්ශන මෙහෙයවූ ජනාධිපති කොමිෂන් සභාවේ සාමාජිකයන් පාර්ලිමේන්තු කාරක සභාව හමුවට කැඳවන ලෙස විපක්ෂය ඉල්ලීමක් කර තිබුණි.
කෙසේ වෙතත්, එම කොමිෂන් සභාව දැනටමත් සිය අවසන් වාර්තාව ඉදිරිපත් කර ඇති බැවින්, එහි සාමාජිකයන් නැවත කැඳවීමේ අවශ්‍යතාවක් නොමැති බව කාරක සභාවේ සභාපතිවරයා තීරණය කර ඇත.
අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා මෙම පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ සභාපතිවරයා ලෙස කටයුතු කරයි.
බහාලුම් 323ක අභිරහස හෙළිවෙයි...
2026-08-03T07:46:00+05:30
Gossip Lanka Hot News





