gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

හිටපු ඇමැති සුසන්ත පුංචිනිලමේගේ නිලනිවසේ ලයිට් බිලට ලක්ෂ 11ක පොල්ලක් (වීඩියෝ)

හිටපු ඇමැති සුසන්ත පුංචිනිලමේ මහතා 2008 වසරේ සිට පරිහරණය කළ නිලනිවස වෙනුවෙන් කිසිදු කුලී මුදලක්, ජල බිල්පතක්, විදුලි බිල්පතක් ගෙවා නැතිබව විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍රන් මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (04) ප්‍රකාශ කළේය.

හිටපු අමාත්‍යවරයා, දේශපාලන කටයුතු සඳහා රත්නපුර දිස්ත්‍රික්කයේ සිට ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය වෙත පැමිණි අතර ඔහු පොදුජන පෙරමුණ පක්ෂය නියෝජනය කලේය.

කෙසේ වෙතත් හිටපු අමාත්‍යවරයාගෙන් එම මුදල් අයකර ගැනීම වෙනුවෙන් සියලු දිස්ත්‍රික් ලේකම්වරුන් උත්සාහ කර ඇතත් කිසිදු මුදලක් ගෙවා නොමැති බව නියෝජ්‍ය අමාත්‍යවරයා ඊයේ වැඩිදුරටත් කරුණු අනාවරණය කලේය.

ඒ මහතා වැඩිදුරටත් පැවසූවේ, මේ සම්බන්ධයෙන් වන ලිපි ගොනු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හා රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව හෙවත් කෝපා කමිටුව වෙත භාරදෙන බවය.

එසේම පළාත් සභා මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කළ ප්‍රියන්ත පතිරණ ප්‍රේමකුමාර මන්ත්‍රීවරයාට පේදුරු කොටුව තුළ නිල නිවාසයක් ලබා දී තිබූ බවත්, ඒ වෙනුවෙන් කුලී ගෙවීමක් කර නොමැති බවත්ය.

මීට පෙර පැවති සියලු ආණ්ඩු හොරකමට, වංචාවට දූෂණයට ඉඩදී බලා සිටි බවත්, නිලධාරීන් සේවය කිරීමට උත්සාහ කළද දේශපාලන අධිකාරිය විසින් දූෂණ වංචාවල නිරත වූ බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka