බන්ධනාගාර මරණවල සම්පූර්ණ වගකීම ජනපතිගේ - පරණ වීඩියෝවක් උපුටමින් මද්දුම බණ්ඩාර කියයි
මීගමුව බන්ධනාගාරය තුළ සිදු වූ මරණවල සම්පූර්ණ වගකීම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා භාරගත යුතු බව සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා පවසයි. කොළඹදී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මහලේකම්වරයා මේ බව සඳහන් කළේය.
එහිදී ඔහු විශේෂත්වයකින් යුතුව පෙන්වා දුන්නේ වත්මන් ජනාධිපතිවරයා මීට පෙර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කරමින් සිටියදී, බන්ධනාගාර තුළ සිදුවන මරණ සම්බන්ධයෙන් රජය වගකිව යුතු බවට ප්‍රකාශ කර ඇති බවයි.
මෙම ප්‍රකාශය තහවුරු කිරීම සඳහා රංජිත් මද්දුමබණ්ඩාර මහතා විසින් 2020 වසරේ නොවැම්බර් මස 30 වැනි දින අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී සිදු කළ අදහස් දැක්වීමක් සහිත වීඩියෝ පටයක් මාධ්‍ය හමුවේදී ප්‍රදර්ශනය කරන ලදී.
එම වීඩියෝවට අනුව, එදා මන්ත්‍රීවරයෙකු ලෙස අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කර ඇත්තේ බන්ධනාගාරයක් තුළ රැඳවියෙකුගේ ජීවිතය අහිමි වන්නේ නම්, එහි පූර්ණ වගකීම එවකට පැවති රජය භාරගත යුතු බවයි.
"එදා අනුර කුමාර දිසානායක මහතා ඉදිරිපත් කළ එම තර්කයම අද ඔහුටත් අදාළ විය යුතුයි. මීගමුව බන්ධනාගාරය තුළ ජීවිත ගණනාවක් අහිමි වී තිබෙනවා. එදා ඔහු කී පරිදිම, අද රජයේ නායකයා ලෙස මෙම ඛේදවාචකයේ වගකීමෙන් ඔහුට මිදිය නොහැකියි," යනුවෙන් රංජිත් මද්දුමබණ්ඩාර මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
රටේ නීතිය හා සාමය ආරක්ෂා කිරීමටත්, බන්ධනාගාරගතව සිටින පුද්ගලයින්ගේ ජීවිත ආරක්ෂා කිරීමටත් රජය අපොහොසත් වී ඇති බව පෙන්වා දුන් මහලේකම්වරයා, මේ සම්බන්ධයෙන් වහාම විධිමත් පරීක්ෂණයක් පවත්වා ජනතාවට සත්‍ය හෙළි කළ යුතු බව ද අවධාරණය කළේය.
මේ පුවත තව අයට බලන්න
බන්ධනාගාර මරණවල සම්පූර්ණ වගකීම ජනපතිගේ - පරණ වීඩියෝවක් උපුටමින් මද්දුම බණ්ඩාර කියයි
2026-07-06T20:26:00+05:30
Gossip Lanka Hot News






