gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

හරක් කටාට එරෙහි චෝදනා PTA ගෙන යා නොහැකි බව අධිකරණය තීන්දු කරයි..

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රැඳවුම් භාරයේ පසුවෙද්දී ඉන් පලායාමට කුමන්ත්‍රණය කළ බවට චෝදනා එල්ල වී සිටින 'හරක් කටා' හෙවත් නඳුන් චින්තක වික්‍රමරත්න ඇතුළු විත්තිකරුවන් පස් දෙනෙකුට එරෙහිව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ගොනු කර ඇති චෝදනා පවත්වාගෙන යාමට නීතිමය පදනමක් නොමැති බව කොළඹ මහාධිකරණය අද තීන්දු කළේය.

විත්ති පාර්ශවයේ නීතිඥවරුන් ඉදිරිපත් කළ මූලික විරෝධතා පිළිගනිමින් මහාධිකරණ විනිසුරු බුද්ධික සී. රාගල මහතා මෙම නියෝගය ප්‍රකාශයට පත් කරන ලදී.

කෙසේ වෙතත්, විත්තිකරුවන් විසින් සිදුකර ඇති බව කියන වැරදිවල ස්වභාවය සලකා බැලීමේදී, ඔවුන්ට එරෙහිව දණ්ඩ නීති සංග්‍රහය යටතේ පවරා ඇති චෝදනා විභාග කිරීමට කිසිදු බාධාවක් නොමැති බවද විනිසුරුවරයා සිය තීන්දුවේ සඳහන් කළේය.ඒ අනුව, අදාළ සිද්ධිය 

සම්බන්ධයෙන් දණ්ඩ නීති සංග්‍රහය යටතේ වන නඩු කටයුතු ඉදිරියටත් පවත්වාගෙන යාමට අධිකරණය අවසර ලබා දී ඇත.

gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka