UPDATE : මීගමුව බන්ධනාගාරයේ ගැටුමෙන් මියගිය සංඛ්‍යාව 25 දක්වා ඉහළට - තවත් 100කට අධික පිරිසක් රෝහලේ!
මීගමුව බන්ධනාගාරය තුළ පෙරේදා (05) ආරම්භ වී අද (06) දක්වා පැවැති ප්‍රචණ්ඩකාරී ගැටුම් හේතුවෙන් බන්ධනාගාර නිලධාරීන් සහ රැඳවියන් ඇතුළු 25 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය තහවුරු කරයි. මෙම ගැටුම්වලින් තුවාල ලැබූ 100කට අධික පිරිසක් මේ වන විට ප්‍රතිකාර සඳහා රෝහල්ගත කර තිබේ.
පෙරේදා (05) දින ආරම්භ වූ නොසන්සුන්තාවය ඊයේ සවස් වන විට පාලනය කර තිබුණද, අද (06) උදෑසන රැඳවියන් පිරිසක් සංවිධානාත්මකව ආරම්භ කළ ප්‍රචණ්ඩකාරී ක්‍රියා හේතුවෙන් තත්ත්වය යළි උග්‍ර විය. මෙම උණුසුම් තත්ත්වය පාලනය කිරීම සඳහා ආරක්ෂක අංශ විසින් අහසට වෙඩි තැබීම් සිදු කළ අතර, මේ වන විට පොලිස් විශේෂ කාර්ය බලකාය බන්ධනාගාර පරිශ්‍රය වෙත ඇතුළු වී පාලනය තහවුරු කිරීමට පියවර ගනිමින් සිටී.
ඊයේ (05) දිනයේදී බන්ධනාගාරයේ වහලය මත නැග විරෝධතාවක නිරත වූ රැඳවියන් පිරිසක් සිටි අතර, එහිදී සිවිලිම කඩා වැටීමෙන් ද පිරිසක් තුවාල ලැබූහ. සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ විමර්ශන කණ්ඩායමක් පත් කර ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක සී. ගජනායක මහතා සඳහන් කරයි.
මේ පුවත තව අයට බලන්න
UPDATE : මීගමුව බන්ධනාගාරයේ ගැටුමෙන් මියගිය සංඛ්‍යාව 25 දක්වා ඉහළට - තවත් 100කට අධික පිරිසක් රෝහලේ!
2026-07-06T13:22:00+05:30
Gossip Lanka Hot News






