gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

මහින්ද ඩොලර් මිලියන පහක සන්තෝෂමක් අරන් කියා සිංගප්පූරුවෙන් දිවුරුම් ප‍්‍රකාශයක්... හඬ පටත් එලියට!

ගාලු මෝදර පිහිටි යුද හමුදා මූලස්ථානයට අයත් ඉඩම ෂැංග්‍රිලා (Shangri-La) හෝටල් ජාලයට විකිණීමේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පිරිසක් ඇමරිකානු ඩොලර් මිලියන 5ක (එකල වටිනාකම අනුව රුපියල් කෝටි 100කට අධික) අල්ලසක් ලබාගෙන ඇති බවට තොරතුරු වාර්තා වන බවට Mee Massoo TV යූ ටියුබ් නාලිකාව විශේෂ හෙළිදරව්වක් සිදුකර තිබේ.

සිංගප්පූරුවේ ‘TPL Inter’ සමාගමේ හිමිකරු වන චිදම්බරම් නැමැත්තා විසින් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයට 2015 වසරේ ඔක්තෝබර් 28 වැනිදා ලබාදුන් බව කියන දිවුරුම් ප්‍රකාශයක් පදනම් කරගනිමින් රාජපක්ෂ කඳවුරේ අතිශය හිතෛෂී පුද්ගලයෙකු ලෙස කටයුතු කළ සජින් වාස් ගුණවර්ධන මහතා විසින් සිදු කළ ප්‍රකාශයක් පදනම් කර ගනිමින් මෙම තොරතුරු අනාවරණය සිදුව තිබේ.

එහිදී සජින් වාස් ගුණවර්ධන මහතා පෙන්වා දෙන්නේ ලබාගත් අල්ලස් මුදල රාජපක්ෂ පවුලේ පුතුන් දෙදෙනෙකු තංගල්ල ප්‍රදේශයේ ‘තංගල්ල බේ’ හෝටලය මිලදී ගැනීම සහ CSN මාධ්‍ය ජාලයේ කටයුතු සඳහා ආයෝජනය කර ඇති බවයි.

මෙම මුදල් මෙරටට ගෙන්වීමේදී මෙරට ප‍්‍රකට පුද්ගලික මුල්‍ය ආයතනයක් හරහා මුදල් විශුද්ධිකරණයකට ලක්ව ඇති බව ද එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.

මෙම සිද්ධිය පිළිබඳව සිංගප්පූරුවේ ව්‍යාපාරික චිදම්බරම් මහතා විසින් ලබා දුන් දිවුරුම් ප්‍රකාශය එවකට මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ ප්‍රධානී රවී වෛද්‍යලංකාර මහතා සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඉදිරියේ සිංගප්පූරුවේදී සටහන් කරගෙන ඇති බව පැවසේ.

මීට අමතරව රාජපක්ෂ පවුලෙන් තමාට මරණ තර්ජන එල්ල වී ඇති බව සඳහන් කරමින් සජින් වාස් ගුණවර්ධන මහතා විසින් ලොහාන් රත්වත්ත මහතා සමග සිදු කරන දුරකථන සංවාදයක හඬපටයක් ද මේ වන විට සමාජ මාධ්‍ය ජාල ඔස්සේ හුවමාරු වෙමින් තිබේ.

මෙම අල්ලස් සිද්ධිය සම්බන්ධයෙන් අල්ලස හා දූෂණයට එරෙහි පුරවැසි බලය සංවිධානයේ සභාපති ජාමුණි කමන්ත තුෂාර මහතා අද දිනයේ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට පැමිණිලි කිරීමට නියමිතව ඇති බව මෙම වැඩසටහන මගින් හෙළිකර තිබෙනවා.
මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka