gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

හිටපු දේශපාලනඥයන් ගෙනා වාහන 500කට ආසන්න ප්‍රමා­ණ­යක් සොයා ත්‍රස්ත මර්දන හා විම­ර්ශන කොට්ඨාසය පරී­ක්ෂ­ණ අරඹයි!

කෝටි ගණනක් රේගු බදු වංචා කරමින් හොර පාරෙන් රටට ගෙනවිත් ලියාපදිංචි කර මහ මඟ ධාවනය කරනු ලබන රථවාහන 500කට ආසන්න ප්‍රමාණයක් සොයා ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසය පරීක්ෂණයක් ආරම්භ කර ඇත.

මෙම වාහන අත­රින් වැඩි ප්‍රමා­ණ­යක්ම ඇත්තේ සුඛෝ­ප­භෝගී වාහන වන බව සඳ­හන්ය. මෙම වාහන කොටස් කර මෙර­ටට රැගෙ­න­විත් එක­ලස් කර ඇති බව­ටත් ඒ සඳහා දූෂිත රේගු නිල­ධා­රී­න්ගේද සහය ලැබී ඇති බව­ටත් සැක කරයි.

මෙම වාහන ලියා­ප­දිංචි කිරී­මේදී මෝටර් රථ ප්‍රවා­හන දෙපා­ර්ත­මේ­න්තුවේ දූෂිත නිල­ධා­රී­න්ගේද සහය ලැබී ඇති බව මූලික විම­ර්ශ­න­ව­ලින් පෙනී ගොස් ඇත.

එසේ හොර පාරෙන් ලියා­ප­දිංචි කර මහ මඟ ධාව­නය වන වාහන රැසක් හඳුනාගැනී­ම­ටද ත්‍රස්ත මර්දන හා විම­ර්ශන කොට්ඨා­සය විසින් පිය­වර ගෙන ඇත. ඉදි­රි­යේදී එම වාහන සිය භාර­යට ගැනී­මට ත්‍රස්ත මර්දන හා විම­ර්ශන කොට්ඨා­සය සූදා­න­මින් සිටින බව පොලිස් මූල­ස්ථාන තොර­තුරු අනා­ව­ර­ණය කළේය.

මේ ආකා­ර­යට වාහන හොර පාරෙන් මෙර­ටට පැමිණ ලියා­ප­දිංචි කර ඇත්තේ පසු­ගිය ආණ්ඩු කාල­ව­ල­දීය.

මෙ‍ෙස් වාහන හොරට ලියා­ප­දිංචි කිරීම් සම්බ­න්ධ­යෙන් මෝටර් රථ ප්‍රවා­හන දෙපා­ර්ත­මේ­න්තුවේ හිටපු කොම­සා­රි­ස්වරු දෙදෙ­නෙක් ඇතුළු නිල­ධා­රීන් රැසක්ම මෑතක දී අල්ලස් කොමි­සම විසින්ද අත්අ­ඩං­ගු­වට ගැනිණ. පාන­දුර මධ්‍යම දූෂණ මර්දන ප්‍රහා­රක බළ­කා­යද 2023 වස­රේදී වැට­ලීම් මාලා­වක් කර­මින් හොර පා‍රෙන් රට තුළට ගෙනැ­විත් ලියා­ප­දිංචි කර තිබූ වාහන 100කට ආසන්න ප්‍රමා­ණ­යක් සොයා ගන්නා ලදි. එම වාහන බොහෝ­ම­යක් පරි­හ­ර­ණය කර­මින් තිබුණේ දේශ­පා­ල­න­යට සම්බන්ධ පුද්ග­ල­යන්ය. එම විම­ර්ශ­න­යේ­දීද එසේ හොරට ලියා­ප­දිංචි කර තිබූ වාහන 400ක පමණ ලේඛ­න­යක්ද මධ්‍යම දූෂණ මර්දන ප්‍රහා­රක බළ­කාය විසින් සොයා­ග­ත්තේය. එම විම­ර්ශන එව­කට සිටි පොලි­ස්ප­ති­ව­ර­යාගේ නියෝ­ග­යෙන් අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තු­වට පව­රනු ලැබීය.
මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka