gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

දෙවිනුවර පෙරහැර කරන්නේ පාතාල කල්ලි දෙකක් එකුතවෙලා!

දෙවුන්දර ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍යය පාතාල කල්ලි දෙකක බලපෑමට නතු වී ඇති බව මිහින්තලා රාජමහා විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන හිමියන් පවසති.

දෙවුන්දර දේවාලයේ බස්නායක නිලමේවරයාට එල්ල වී ඇති පාතාල තර්ජන පිළිබඳව අදහස් දක්වමින් නාහිමියන් සඳහන් කළේ, රටේ නීතිය හා සාමය ආරක්ෂා කිරීම පොලිස්පතිවරයාගේ වගකීමක් බවයි. "බස්නායක නිලමේට තර්ජනය කරනවා නම්, පොලිස්පතිවරයා තමන්ට ලැබී ඇති බලතල පාවිච්චි කරලා ඒ තර්ජන නතර කරන්න ඕනේ. ඒ අයට අවශ්‍ය ආරක්ෂාව ලබා දිය යුතුයි. මේ රට පාතාලයට දීලද තියෙන්නේ?" යනුවෙන් උන්වහන්සේ ප්‍රශ්න කර සිටිති.

එමෙන්ම, බස්නායක නිලමේවරයාගේ ක්‍රියාකලාපය පිළිබඳව ද සැකයක් පවතින බව පවසන ධම්මරතන හිමියන්, යම් හෙයකින් නිලමේවරයා පාතාලය සමඟ සම්බන්ධයක් පවත්වන්නේ නම් වහාම ඔහු එම ධුරයෙන් ඉවත් කළ යුතු බව අවධාරණය කරති.

"සමහරවිට නිලමේත් පාතාලයට සම්බන්ධද දන්නේ නැහැ. එහෙම නම් බස්නායක නිලමේවරයා අයින් කරලා ඒකට වැඩ බලන කෙනෙක් පත් කරන්න. දැන් පාතාල කල්ලි දෙකක් එකතු වෙලා මේ පෙරහැර කරන්න හදන්නේ," යැයි උන්වහන්සේ වැඩිදුරටත් චෝදනා කරති.

දෙවුන්දර පෙරහැර මංගල්‍යය සම්බන්ධයෙන් මෑතක සිට දැඩි ආන්දෝලනාත්මක තත්ත්වයක් හටගෙන ඇත්තේ ප්‍රධාන පෙළේ පාතාල කල්ලි සාමාජිකයන් පෙරහැරේ කටයුතු සඳහා මැදිහත් වන බවට එල්ල වන චෝදනා හේතුවෙනි.

මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka