gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

රිය අනතුරකින් දෙදෙනෙකු මිය යයි..ප‍්‍රදේශවාසීන් වාහන ගිනි තියති..

කටාන, දාගොන්න ප්‍රදේශයේදී සිදුවූ දරුණු රිය අනතුරකින් තරුණයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර, ඉන් කෝපයට පත් ප්‍රදේශවාසීන් අනතුරට සම්බන්ධ කන්ටේනර් රථයට ගිනි තබා විනාශ කර තිබේ.
අද අලුයම 1.45ට පමණ මෙම අනතුර සිදුව ඇත්තේ බහාලුම් ප්‍රවාහනය කරමින් තිබූ කන්ටේනර් රථයක යතුරුපැදියක් ගැටීමෙනි.

අනතුරින් බරපතල තුවාල ලැබූ යතුරුපැදියේ ගමන් කළ තරුණයන් දෙදෙනා එම ස්ථානයේදීම මියගොස් ඇති බව කටාන පොලිසිය තහවුරු කළේය.

අනතුරින් පසු ප්‍රකෝප වූ ප්‍රදේශවාසීන් කන්ටේනර් රථයට ගිනි තැබීමත් සමඟ එම ස්ථානයේ දැඩි උණුසුම් සහ නොසන්සුන් තත්ත්වයක් හටගෙන තිබේ.

සිද්ධිය සැලවූ වහාම ක්‍රියාත්මක වූ කටාන පොලිස් නිලධාරීන් සහ මීගමුව නගර සභාවේ ගිනි නිවන ඒකකය එක්ව කන්ටේනර් රථයේ පැතිර ගිය ගින්න මැඩපැවැත්වීමට කටයුතු කර ඇත.

අනතුරුව පොලිසිය මැදිහත් වී කලහකාරී ලෙස හැසිරුණු පිරිස් පාලනය කර ප්‍රදේශයේ සාමය තහවුරු කිරීමට පියවර ගෙන තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් කටාන පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka