gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

ක්‍රිකට් නඩු වෙනුවෙන් කෝටි 68ක් නීතීඥයින්ට පුදලා !

ක්‍රිකට් ආයතනය විසින් පසුගිය වසර තුනේදී එනම් 2023,2024,2025 වසර වල විවිධ නීතිමය කටයුතු වලට පමණක් රුපියල් කෝටි 68 ඉක්මවන මුදලක් වැය කිරීම සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා විසින් පත් කරන ලද පරිවර්තන කමිටුවේ අවධානයට යොමුව ඇතැයි වාර්තා වේ.

මෙවැනි  විශාල මුදලක් පැවැති පාලනය වියදම් කොට ඇත්තේ ක්‍රිකට් ආයතනය විසින් හා ඔවුන්ට එරෙහිව පවරන ලද නඩු සඳහා නීතීඥයින් වෙනුවෙන් හා ඇතැම් පාර්ශ්වයන්ට පැරදුනු නඩු වෙනුවෙන් වන්දි වශයෙන් බවද පැවසේ.

කෙසේවුවද, ක්‍රිකට් ආයතනය මින් වැඩිමුදලක් වැය කර ඇත්තේ විරුද්ධවාදීන්ට නඩු පැවරීමේ නීතීඥ ගාස්තු වෙනුවෙනි.

මිලියන 680 ක් පමණ වන මෙම මුදලින් වැඩි ප්‍රමාණයක් ගෙවා ඇත්තේ තෝරා ගත් නීතීඥයින් පිරිසකට බවද වාර්තා වේ.

එම පිරිස අතර ප්‍රසිද්ධ ජනපති නීතීඥයින් කිහිප දෙනෙක් ද සිටින බව පැවසේ.

මෙසේ ක්‍රිකට් ආයතනය විසින් පවරා ඇති නඩු අතර ලේක් හවුස්, ටයිම්ස්, උපාලි වැනි මාධ්‍ය ආයතන හා ඒවායේ මාධ්‍යවේදීන්ට එරෙහිව මෙන්ම හිටපු ක්‍රීඩා ඇමතිවරුන්ට, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට, සමාජ ක්‍රියාකාරීන්ට එරෙහිව පවරන ලද නඩු ද ඇතැයි වාර්තා වේ.

මේ අතර, වත්මන් පරිවර්තන කමිටුව මැදිහත්වී මෙම නඩු වලින් නඩු 18 ක් සමථයන්ට හා ඉල්ලා අස්කර ගැනීමට කටයුතු කර ඇතැයි ද පැවසේ.

මෙසේ වැඩි වාර ගණනක් නඩු වලට පෙනී සිට ඇති නීතිඥයින් අතර රොමේෂ් ද සිල්වා, කුවේර ද සොයිසා, චරක ජයරත්න, එම්.ජේ.එස්.ෆොන්සේකා, රොනල්ඩ් සී.පෙරේරා, ජීවන්ත ලක්මාල් යන නීතීඥයින් ඉදිරියෙන් සිටින බවද ක්‍රිකට් අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

මේ අතර ක්‍රිකට් ආයතනයේ නීති උපදේශක ලෙස කටයුතු කළ අසේල රැකවද විශාල මුදලක් නීති කටයුතු වෙනුවෙන් ලබා ගෙන තිබීම ද විශේෂ සිද්ධියකි.
-srilankamirror
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka