gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

රඛිත, චරිත් වෙනුවෙන් නීතීඥයන් සියයක් පෙනී සිටී!

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන නඳුන් චින්තක වික්‍රමරත්න නොහොත් ‘හරක් කටා’ නමැත්තාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රැඳවුම් භාරයේ සිටියදී සහන සලසා දීම සඳහා රුපියල් කෝටි 12ක අත්තිකාරම් අල්ලස් මුදලක් ලබාගැනීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් රඛිත රාජපක්ෂ, චරිත අබේසිංහ සහ වරුෂ චතුරංග යන පුද්ගලයන් තිදෙනා එළැඹෙන 03 වනදා දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කර තිබේ.

අදාළ සැකකරුවන් රිමාන්ඩ් භාරයට පත් කිරීමේ නියෝගය ප්‍රකාශයට පත් කරනවිට ඊයේ පස්වරු 6.50 පමණ වී තිබිණි. මෙම නඩුව විභාගවන අයුරු දැකබලා ගැනීමට හිටපු අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ මහතා ද අධිකරණය වෙත පැමිණ සිටි අතර, නීතිඥවරුන් 100 කට අධික පිරිසක් සැකකරුවන්ගේ පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටීම විශේෂත්වයකි.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ මාධ්‍ය ඒකකය නිකුත් කළ මාධ්‍ය නිවේදනයකට අනුව, සැකකරුවන් විසින් 2023 වර්ෂයේදී ඩුබායි රාජ්‍යයේදී ‘හරක් කටා’ නැමැත්තාගේ බිරිඳ වන මධුෂිකා මධුවන්ති නමැත්තියගෙන් මුලින්ම රුපියල් ලක්ෂ 5000ක (කෝටි 50ක) මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා ඇත.

පසුව එම මුදල රුපියල් ලක්ෂ 2000ක් (කෝටි 20ක්) දක්වා අඩු කර ඇති අතර, එයින් අත්තිකාරමක් ලෙස මෙම රුපියල් ලක්ෂ 1200ක (කෝටි 12) මුදල අල්ලස් වශයෙන් ඉල්ලා ලබාගෙන තිබේ.

මෙම චෝදනා සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් ඉදිරි විමර්ශන ක්‍රියාත්මක කරයි.
මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka