gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

කෝටි 12 ක අල්ලසක් ගත් රඛිත සහ චරිත් Range Rover,BMW වාහන ගත් හැටි අල්ලස් කොමිසම උසාවියට කියයි

සංවිධානාත්මක අපරාධකරුවකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන “හරක් කටා” නමින් හඳුන්වන නදුන් චින්තකගේ බිරිඳගෙන් ලබාගත් රුපියල් මිලියන 120කට (කෝටි 12කට) අධික අල්ලස් මුදල්, සැකකාර චරිත් අබේසිංහ සහ රඛිත රාජපක්ෂ ඇතුළු පිරිස සිය පෞද්ගලික පරිභෝජනය සඳහා සුඛෝපභෝගී වාහන මිලදී ගැනීමට සහ නිවාස ඉදිකිරීමට භාවිත කර ඇති බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව (CIABOC) අධිකරණයට දැනුම් දී තිබේ.

හරක් කටා” ගේ බිරිඳ වන මහේෂිකා මධුවන්තිගෙන් ලබාගත් අල්ලස් මුදල් භාවිත කරමින් චරිත් අබේසිංහ විසින් සුඛෝපභෝගී ‘රේන්ජ් රෝවර් ෆ්‍රීලෑන්ඩර්’ (Range Rover Freelander) වර්ගයේ SUV රථයක් මිලදී ගෙන ඇති අතර, කහතුඩුව ප්‍රදේශයේ සුඛෝපභෝගී නිවසක් ද ඉදිකර ඇත.

මෙම නඩුවේ අනෙක් සැකකරු වන අරුණ ශ්‍රී චතුරංග වරුෂහෙන්නදි නැමැත්තා එම මුදල්වලින් කළු පැහැති ‘බීඑම්ඩබ්ලිව් 7 සිරීස්’ (BMW 7 Series) වර්ගයේ සුඛෝපභෝගී මෝටර් රථයක් මිලදී ගෙන ඇති අතර, ඔහුගේ නිවසේ අලුත්වැඩියා වෙමින් තිබියදී විමර්ශකයන් විසින් එය සොයාගෙන තිබේ.
මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka