gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

මහින්ද, රනිල් ඇවිදගන්න බැරිව මග වැටි වැටී දෙකට තුනට වකුටු වෙලා ලෝක විහිළුවක් වෙන්න එපා...

හිටපු ජනාධිපතිවරුන් වන රනිල් වික්‍රමසිංහ සහ මහින්ද රාජපක්ෂ යන මහත්වරුන්ගේ දේශපාලන කාලය දැන් අවසන් වී ඇති බැවින්, ලෝක විහිළුවක් නොවී ගෞරවාන්විතව දේශපාලනයෙන් විශ්‍රාම ගත යුතු බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අසිත නිරෝෂණ මහතා ප්‍රකාශ කරයි.

වැඩිහිටි පුරවැසියන් ලෙස ඔවුන්ට අපහාස නොකරන නමුත්, ඔවුන්ගේ වත්මන් කායික තත්ත්වය හමුවේ තවදුරටත් බලය ඉල්ලීම හාස්‍යයට කරුණක් බව මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.

මහින්ද රාජපක්ෂ මහතා ඇවිදගන්න බැරුව මග වැටි වැටී යන තත්ත්වයක සිටියදීත් අපිට බලය දෙන්න යැයි පැවසීමත්, රනිල් වික්‍රමසිංහ මහතා තමන්ගේ සෞඛ්‍ය තත්ත්වය පරීක්ෂා කර එන්ජිම හොඳ මට්ටමේ ඇතැයි පැවසුවද දෙකට තුනට වකුටු වී සිටීමත් රට ලෝක විහිළුවක් කිරීමක් බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

"ඔගොල්ලන්ගේ කාලේ දැන් ඉවරයි. දැන් තියෙන්නේ ජේෂ්ඨ පුරවැසියන් විදිහට තමන්ගේ ජීවිතේ අවසාන කාලේ හන්සි පුටුවකට වෙලා, මුණුබුරු මිණිබිරියන්ගෙන් උපස්ථාන ලබමින් ඉන්න කාලයයි. අලුත් පරම්පරාවට රට භාර දීලා, ඉතිහාසයේ යම් හොඳ දෙයක් කරලා තියෙනවා නම් ඒක මතක් කරගෙන විශ්‍රාම සුවයෙන් ඉන්න" යැයි මන්ත්‍රීවරයා ඔවුන්ගෙන් ඉල්ලා සිටියි.

රටේ ආර්ථික තත්ත්වය පිළිබඳව ද අදහස් දැක්වූ මන්ත්‍රීවරයා, පසුගිය වසර එකහමාරක කාලය තුළ රාජ්‍ය ආදායම සහ විදේශ ප්‍රේෂණ වැඩි කර ගනිමින් ආර්ථිකය ශක්තිමත් කිරීමට පියවර ගෙන ඇති බව පැවසීය.

කෙසේ වෙතත්, ඉරාන - ඇමරිකා - ඊශ්‍රායල ගැටුම් වැනි බාහිර සාධක හේතුවෙන් ඉන්ධන මිල ඉහළ යාම ආර්ථිකයට යම් බලපෑමක් එල්ල කර ඇති බවත්, ලෝක සාමය ඇතිවීම තුළින් මෙරට බලශක්ති, පොහොර සහ ප්‍රවාහන ඇතුළු සියලු ක්ෂේත්‍රවල මිල පාලනය කරමින් ජනතාවට සහනයක් සැලසීමට අපේක්ෂා කරන බවත් අසිත නිරෝෂණ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka