gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

බෞද්ද විදුහල්පතිනි එපා... කතෝලික සිස්ටර් කෙනෙක් ඔ්නෑ - කැබිනට් ඇමති ඇතුළු පිරිසක් පාසල වටලා විරෝධයේ..

වත්තල ප්‍රදේශයේ රජයට පවරාගත් ප්‍රමුඛ පෙළේ පාසලකට බෞද්ධ විදුහල්පතිනියක් පත් කිරීමට එරෙහිව එම පාසලේ ආදි ශිෂ්‍යාවන් සහ ප්‍රදේශවාසීන් පිරිසක් විරෝධතාවයක නිරත වූහ.

මෙම විරෝධතාවය සඳහා විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය ක්‍රිෂාන්ත අබේසේන මහතා ද එක්ව සිටි අතර, එහිදී ඔහු අවධාරණය කළේ රජයට පවරාගත් ආගමික පාසල්වල අනන්‍යතාවය සුරැකීම රජය සතු සදාචාරාත්මක වගකීමක් බවයි.

මෙහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා පෙන්වා දුන්නේ මෙම පාසල සාමාන්‍ය රජයේ පාසලක් නොව, 1960 පනත යටතේ රජයට පවරාගත් පාසලක් බවයි. එම පනතට අනුව එවැනි පාසල්වල පවතින ආගමික සංයුක්තිය සහ සංස්කෘතිය පවත්වාගෙන යා යුතු බවත්, මෙම පාසල පිහිටි ඉඩම් පවා තවමත් අයිති සභාවට (පල්ලියට) බවත් ඔහු පැවසීය.

වසර ගණනාවක් තිස්සේ කතෝලික සිස්ටර්ස්ලා විසින් පාලනය කළ මෙම පාසලේ විදුහල්පති ධුරය සඳහා අයදුම්පත් කැඳවූ අවස්ථාවේදී, එම සම්ප්‍රදායට ගරු කරමින් සුදුසුකම් සහිත වෙනත් ගුරුවරුන් පවා අයදුම් නොකළ බව ඇමතිවරයා මෙහිදී අනාවරණය කළේය.

කෙසේ වෙතත්, වත්මන් විදුහල්පතිනිය පමණක් ඊට අයදුම් කර ඇති අතර, පළාත් ආණ්ඩුකාරවරයා විසින් ඇයව නීත්‍යානුකූලව පත් කර තිබේ,.

මේක සදාචාරාත්මක අයිතියක් පිළිබඳ ප්‍රශ්නයක් යැයි පැවසූ අමාත්‍යවරයා, නීත්‍යානුකූලව සිදුකළ පත්වීමක් නිසා රජයට ක්ෂණිකව මැදිහත් වී ඇයව ඉවත් කිරීමේ දුෂ්කරතාවයක් පවතින බව ද සඳහන් කළේය.

නමුත් පාසලේ ආගමික පසුබිම ආරක්ෂා කර ගැනීම සඳහා නැවතත් කතෝලික පූජකවරියක් විදුහල්පති ධුරයට පත් කරන ලෙස විරෝධතාකරුවන් ඉල්ලා සිටිති.

බෞද්ධ පාසල්වල විදුහල්පති ධුර සඳහා ස්වාමීන් වහන්සේලා පත් නොකළ ද, මෙම පාසලේ පවතින සුවිශේෂී ඓතිහාසික පසුබිම මත පූජකවරියකගේ පාලනය අත්‍යවශ්‍ය බව විරෝධතාකරුවන්ගේ අදහස වී තිබේ.

මේ සම්බන්ධයෙන් අධ්‍යාපන බලධාරීන් සමඟ සාකච්ඡා කර විසඳුමක් ලබා දීමට උත්සාහ කරන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය
මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka