gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

‘ගණිකාවන්ට මුදල් ගෙවීමට උත්සාහ කළ ‘විනීත’ තවදුරටත් පැවිද්දෙක් නොවේ’ - ගුරු පාර්ශ්වයෙන් ප්‍රකාශයක්!

ගණිකාවන්ට මුදල් ගෙවීමට උත්සාහ කිරීමේ චෝදනා මත බොස්ටන් පොලිසියේ මිනිස් ජාවාරම් මර්දන ඒකකය මඟින් පසුගිය සෙනසුරාදා අත්අඩංගුවට ගත් පුද්ගලයන් හත්දෙනා අතර සිටි ටෆ්ට්ස් විශ්වවිද්‍යාලයේ බෞද්ධ ධර්මාචාර්ය, මහයායේ විනීත හිමියන් සම්බන්ධයෙන් නිල ප්‍රකාශයක් නිකුත් කර තිබේ.

මහාචාර්ය දරනාගල කුසලඥාන හිමියන් වෙනුවෙන් පාහියංගල ආනන්ද සාගර හිමියන් විසින් නිකුත් කරන ලද මෙම ප්‍රකාශයේ සඳහන් වන්නේ, මෙම සිදුවීම මේ වන විට විමර්ශනය වෙමින් පවතින බැවින් ඒ පිළිබඳව පූර්ව නිගමනවලට එළඹීමෙන් වැළකිය යුතු බවයි.

එම ප්‍රකාශයට අනුව පාහියංගල ආනන්ද සාගර හිමියන් පැහැදිලි කර ඇත්තේ, මහයායේ විනීත හිමියන් පසුගිය මැයි 16 වැනිදා පැවිදි දිවියෙන් සමුගෙන ඇති බැවින් උන්වහන්සේ මේ වන විට භික්ෂූන් වහන්සේනමක නොවන බවයි.

එබැවින් ‘පූජ්‍ය මහයායේ විනීත’ යන පැවිදි නාමය භාවිත කිරීමෙන් සහ අන්තර්ජාලයේ ඇති උන්වහන්සේගේ පැවිදි රූප රාමු මෙන්ම ඡායාරූප සංසරණය කිරීමෙන් වළකින ලෙස කුසලඥාන හිමියෝ ජනමාධ්‍ය වෙතින් තවදුරටත් ඉල්ලා සිටිති.

එමෙන්ම මේ සම්බන්ධයෙන් වොෂින්ටන්, ලොස් ඇන්ජලීස් සහ නිව්යෝර්ක් ප්‍රාන්තවල ජ්‍යෙෂ්ඨ බෞද්ධ නායකයන් සමඟ සාකච්ඡා කිරීමට පියවර ගෙන ඇති බවද උන්වහන්සේ පවසති.

ඒ අනුව මහරගම ධම්මසිරි නායක හිමි, වල්පොල පියනන්ද නායක හිමි, ධම්මජෝති නායක හිමි, උපරතන නායක හිමි, කොණ්ඩඤ්ඤ හිමි සහ සූරකුල්මේ පේමරතන නායක හිමි ඇතුළු ප්‍රධාන නායක හිමිවරුන් කිහිපනමකගේ සහභාගීත්වයෙන් මේ පිළිබඳව ඉදිරියේදී ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කිරීමට නියමිත බවද එහි සඳහන් වේ.

අදාළ පරීක්ෂණ නිමවන තෙක් ඉවසීමෙන් කටයුතු කරන ලෙස ජනමාධ්‍ය සහ මහජනතාවගෙන් ඉල්ලා සිටින එම නිවේදනය, වෛරය පැතිරවීමට හෝ වැරදි තොරතුරු සමාජගත වීමට හේතු විය හැකි සත්‍යාපනය නොකළ තොරතුරු සහ ඡායාරූප හුවමාරු කරගැනීමෙන් වළකින ලෙසද දැඩිව අවධාරණය කර සිටී.
මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka