gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

ලාංකිකයන්ගේ කුවේට් යුද වන්දිවලින් විදේශ රැකියා කාර්යාංශය බිල්ඩිමක් ගහන්න සැරෙසයි

කුවේටයේ සිට මෙරටට එවන ලද ලාංකික ශ්‍රමිකයන් 948 දෙනකු සඳහා වන්දි වශයෙන් ගෙවිය යුතු රුපියල් බිලියන දෙකක මුදලක් හිමිකරුවන්ට ලබා නොදී විදේශ රැකියා නියුක්ති කාර්යාංශ ස්ථාවර තැන්පතුවකට යොදවා ඇතැයි වාර්තා වේ.

මෙලෙස ස්ථාවර තැන්පතු කළ එම මුදල මේ වන විට පොලිය ද සමගින් රුපියල් බිලියන 5 ක් වී ඇති බවත් රුපියලක වන්දියක් හෝ ඒවායේ හිමිකරුවන්ට මෙතෙක් ගෙවා නැති බවත් එම කාර්යාංශයේ ආරංචි මාර්ග කියා සිටියි.

1994 වර්ෂයේ කුවේටයේ පැවැති යුදමය වාතාවරණය හමුවේ එහි ගෘහ සේවය ඇතුළු රැකියාවන්හි නිරත රටවල් රැසක ශ්‍රමිකයන් මෙරටට එවා තිබිණි.

ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් අනූදහසකට ආසන්න පිරිසක් ද මෙරටට එවා තිබූ අතර එක්සත් ජාතීන්ගේ වන්දි කොමිසම (UNCC) මැදිහත්වීම මත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් 87000 ක් සඳහා වන්දි වශයෙන් ඩොලර් මිලියන 320 ක් ලැබී තිබිණි.

නමුත් එම 87000 න් 948 දෙනකුට වන්දි ලබාදීමට නොහැකිව ඇත්තේ ඔවුන්ගේ ලේඛන හා සහතිකවල නිල තහවුරුවක් නොමැතිවීම හා ඇතැමුන් ගැන කිසිදු තොරතුරක් නොවීම මතය.

කෙසේ නමුත් ඔවුන් වසර තිහක් තිස්සේම නොසලකා හරිමින් විදේශ රැකියා නියුක්ති කාර්යාංශය එම 948 දෙනා සඳහා ගෙවිය යුතු රුපියල් බිලියන දෙකක මුදලක් ගෙවීම පිළිබඳ ප්‍රගති ක්‍රියාදාමයක් සිදුකර නැති බවද එම කාර්යාංශයේ ආරංචි මාර්ග කියා සිටියි.

මේ වන විට එම මුදල්වලින් විදේශ රැකියා නියුක්ති කාර්යාංශ ගොඩනැගිල්ලක් ඉදිකිරීමට සැලසුම් කර ඇති බවද ඊට පාර්ශ්ව රැසකින් දැඩි විරෝධයක් පළවී ඇති බවද වාර්තා වේ.
-srilankamirror
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka