gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

මිය ගිය කාවන්තිස්ස ගැන රෝහලේ සිටන මහින්දගෙන් ශෝක පණිවුඩයක්!

වෙඩි ප්‍රහාරයකට ලක්ව බරපතළ තත්ත්වයෙන් පසුවෙමින් සිටියදී ඊයේ පස්වරුවේ ජීවිතක්ෂයට පත් වූ ‘කාවන්තිස්ස’ හස්තියා සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා විසින් තබා ඇති සටහනක් මෙහි දැක්වෙයි.

කාවන්තිස්ස මරණය ඝාතනයක්? මරණ පරීක්‍ෂණයක්!

වෙඩි ප්‍රහාරයකට ලක්ව බරපතළ තත්ත්වයෙන් පසුවෙමින් සිටියදී ඊයේ (16) පස්වරුවේ ජීවිතක්ෂයට පත් වූ, මෙරට වනාන්තර තුළ සැරිසැරූ උසම සහ දැවැන්තම වනගත හස්තියකු ලෙස ප්‍රකට ‘කාවන්තිස්ස’ ඇතාගේ සිරුර පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීම සඳහා අද (17) පෙරවරුවේ අධිකරණ නියෝගයක් ලබා ගැනීමට කටයුතු කරන බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි. 

වරුණි බෝගහවත්තගේ මෝටර් රිය අත්අඩංගුවට... ගත්ත විදිහ කියන්න බෑ... දැවැන්ත මුල්‍ය වංචාකරු ලීසිං ගෙවලා!

කොටවිල පොලිස් ස්ථානයේ පාලන අංශයේ ස්ථානාධිපතිනිය ලෙස සේවය කරන ප්‍රධාන පොලිස් පරීක්ෂක වරුණි බෝගහවත්ත මහත්මිය සතු මෝටර් රථය පොලිස් මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන කොට්ඨාසයේ භාරයට ගෙන තිබේ. මාතර සමුපකාර සංගමයේ සිදුවූ දැවැන්ත මූල්‍ය වංචාවට සම්බන්ධ ප්‍රධාන සැකකරුවකු විසින් ලීසිං වාරික ගෙවා ඇති බවට තොරතුරු අනාවරණය වීමත් සමඟයි.

‘වම් කිරීටක ධමනියේ සියයට 80ත් 90ත් අතර ප්‍රමාණයක් අවහිර වෙලාලු’ - දිලීප විරුද්ධ වෙද්දීත් ශිරන්ති ගෙදර ගියේ මෙහෙමයි

සිරිලිය සවිය සංවිධානයට අදාළ මූල්‍ය ගනුදෙනුවක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි ශිරන්ති රාජපක්ෂ ඊයේ (16) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඇප මත මුදාහැරීමට නියෝග කෙරිණි.

යෝෂිතගේ බ්‍රිතාන්‍ය පාඨමාලාවට රජයෙන් පවුම් 24,536ක් ගෙවලා - මහාධිකරණයේදී හෙළිවෙයි!

හිටපු නාවික හමුදා ලුතිනන් යෝෂිත රාජපක්ෂට බ්‍රිතාන්‍යයේ රාජකීය නාවික හමුදා පුහුණු විද්‍යාලයේ ‘Royal Navy Young Officers Course’ පාඨමාලාව හැදෑරීම සඳහා රජයේ මුදලින් පවුම් 24,536ක් ගෙවා ඇති බව කොළඹ මහාධිකරණය හමුවේ අනාවරණය වී තිබේ.

මහින්ද ම*න්න එක්නැලිගොඩ කතා කලා - හිටපු කොටි සාමාජිකයෙක් මහාධිකරණයේ දීර්ඝ සාක්කියක් දෙයි!

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම සම්බන්ධයෙන් ගොනු කර ඇති නඩුව විභාගයට ගත් අවස්ථාවේදී, හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයකු මෙන්ම නඩුවේ ප්‍රධාන සාක්ෂිකරුවකු වන සුමිතිපාල සුරේෂ් කුමාර් හෙවත් ‘මුරලි’ නමැත්තා අධිකරණය හමුවේ ආන්දෝලනාත්මක සාක්ෂියක් ලබා දුන්නේය.

හෘද සැත්කමට ප‍්‍රතිකාර ගන්න ගෝටා සිංගප්පූරු යන්න ඉල්ලයි!

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ විමර්ශනවලට අදාළව තමන්ට පනවා ඇති විදේශ ගමන් තහනම ඉවත් කරන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ මෝසමක් ගොනු කර තිබේ.

ශිරන්ති රාජපක්ෂට ඇප

සිරිලිය සවිය ගිණුම සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයට පත් කර සිටින හිටපු ජනාධිපති ආර්යාව වන ශිරන්ති රාජපක්ෂ මහත්මිය ඇප මත මුදා හරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (16) නියම කළේය.

ඔහොම නෙවෙයි කොහොම කරත් ඥානසාර හිමියන්ට ජනාධිපති සමාව දෙන්නේ නැහැ, ඒක ස්ථීරයි - ඇමති ලාල්කාන්ත

පාගමනේ හිමිවරුන්ගේ යෝජනාව ඉෂ්ඨ වෙන්නේ නැහැ.. ජනවරමට පිටුපා ජනාධිපතිවරයාට හෝ වත්මන් රජයට කටයුතු කළ නොහැකි බවත්, මේ වන විට බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ජනාධිපති සමාව ලබා නොදෙන බවත් අමාත්‍ය කේ. ඩී. ලාල්කාන්ත මහතා මාධ්‍ය හමුවක් අමතමින් පැවසීය.

මහින්ද රාජපක්‍ෂ සම්න්ධයෙන් අල්ලස් කොමිසමෙන් විමර්ෂණයක්.. ඩොලර් මිලියන පහක අල්ලස් චෝදනා..

කොළඹ ගාලු මෝදර පිහිටි යුද හමුදා මූලස්ථානය සතු වටිනා ඉඩම හොංකොං මූලස්ථානය කරගත් 'ශැංග්‍රිලා' (Shangri-La) හෝටල් ජාලය වෙත පැවරීමේදී ඇමරිකානු ඩොලර් මිලියන පහක

අනං මනං කියලා හරියන්නේ නෑ... නිදහස් කරන්නනේ තියෙන්නේ... මිනිස්සු කලබල වෙලානේ ඉන්නේ - ඥානසාර හිමි ගැන අස්ගිරි මහ නාහිමි (Video)

බන්ධනාගාරගත කර සිටින බොදු බල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් අනෙකුත් නීති රීති හෝ චක්‍රලේඛ සංශෝධන ඉදිරිපත් කිරීම පසෙකලා උන්වහන්සේ වහා නිදහස් කිරීමට පියවර ගත යුතු බවත්, මේ වන විට රටේ ජනතාව කලබලයට හා නොසන්සුන්තාවට පත්ව සිටින බවත් අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකගොඩ ශ්‍රී ඥානරතන මහානාහිමිපාණන් වහන්සේ අවධාරණය කළහ.

ඥානසාර හිමිට සමාව දීම ගැන ජනාධිපති තීන්දුව ගනී - අගමැතිනි

බොදු බල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නිදහස් කිරීම හෝ උන්වහන්සේට ජනාධිපති සමාව ලබා දීම මුළුමනින්ම අධිකරණ ක්‍රියාවලියක් හා බැඳී පවතින කාරණයක් බවත්, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සහ අධිකරණයට ගරු කරමින් නිසි වේලාවට නිවැරදි තීරණය ගනු ඇති බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය ප්‍රකාශ කළාය.

LOLC ඇපයේ ස්වභාවය පැහැදිලි කරයි; ලබාගත් සැබෑ ණය මුදල හෙළි නොකරයි

LOLC Holdings PLC විසින් මහජන බැංකුවෙන් රුපියල් බිලියන 20ක් දක්වා ණය පහසුකම් ලබාගැනීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍යයේ පලවන පුවත්වලට පිළිතුරු ලෙස මහජන නිවේදනයක් පල කර තිබේ.

එම සමාගම අදාළ පැහැදිලි කිරීමේදී, එම ගනුදෙනුව සඳහා යොදාගන්නා ඇපයේ ස්වභාවය පිළිබඳව කරුණු දක්වා තිබේ.

හේලීස් ගේන රෝද ගැලවෙන OMODA කාර් පැටිකිරිය

හේලීස් මොබිලිටි (Hayleys Mobility) විසින් ආනයනය කර අලෙවි කරන OMODA කාණ්ඩයේ මෝටර් රථයක් වන OMODA 5 හි පසුපස ඇක්සලය සම්බන්ධයෙන් වසර දෙකක් ඇතුළත මැලේසියාවෙන් සිද්ධි දෙකක් වාර්තාවීම නිසා එම මෝටර් රථ කාණ්ඩයේ ආරක්ෂාව සම්බන්ධයෙන් මෙරට පාරිභෝගිකයන්ද තැති ගැන්මකට ලක්ව සිටී.

හිනාවෙවී ආ නාමල් හැඬු කඳුලින් පිටව යයි.. අධිකරණයෙන් නියෝග!

ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සහ ක්‍රිෂ් සමාගමේ හිටපු අධ්‍යක්ෂවරියක වන ජානකී සිරිවර්ධන අද (16) දින කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කළේය.

ජනාධිපති කාර්යාලය ඉදිරියේ විරෝධතාවට තහනම් නියෝගයක්!

පූජ්‍ය උලපනේ සුමංගල හිමියන් ඇතුළු 55 දෙනෙකුගෙන් යුත් පිරිසකට ජනාධිපති ලේකම් කාර්යාල පරිශ්‍රය තුළ රැඳී සිටීම වළක්වාලමින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා අද (16) නියෝගයක් නිකුත් කර ඇත. කොළඹ කොටුව පොලිසිය විසින් අධිකරණය හමුවේ ඉදිරිපත් කරන ලද කරුණු සලකා බැලීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා විසින් මෙම නියෝගය නිකුත් කර තිබේ. 

කපිලගේ මරණය ගැන පරීක්ෂණ හිතාමතා ප්‍රමාදයි - අයිෆෝන දත්ත දින 90 කින් එක්ස්පයර්...

ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතාගේ අබිරහස් මරණය සම්බන්ධයෙන් කෙරෙන පොලිස් විමර්ශනවල මන්දගාමී ස්වභාවය දැඩි දෝෂදර්ශනයට ලක්කළ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා, ඒ පිළිබඳව සිය අප්‍රසාදය පොලිස්පතිවරයාට ලිඛිතව දැනුම්දෙන ලෙස අධිකරණ රෙජිස්ට්‍රාර්වරියට පෙරේදා (14) නියෝග කළේය.

ඥානසාර හිමිට සිවුර අන්දවන්න ශාන්ත ජයතිලක සිල් ඇඳුමින් සැරසී ශ්‍රේෂ්ඨාධිකරණයට එයි - විනිසුරු මඩුල්ලට බණ පොත් තුනකුත් දෙයි!

බොදු බල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර භික්ෂුවගේ සිවුරු ඉවත්කිරීමට එරෙහිව ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගත් අවස්ථාවේදී, පෙත්සම්කරු ඊයේ (15) සිල් ඇඳුමින් සැරසී ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙනීසිටියේය.
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka