gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

සරණ ගුණවර්ධන වැරදිකරු කෙරේ... බරපතල වැඩ සහිතව වසර 16ක් හිරේ!

රජයට පාඩු සිදුවන අයුරින් කටයුතු කිරීම ඇතුළු දූෂණ චෝදනා කිහිපයකට අදාළව, හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන මහතා වරදකරු බව කොළඹ මහාධිකරණය අද තීන්දු කළේය.

එසේ ගොනුකර තිබූ නඩු හතරකට වරදකරු කෙරුණු සරණ ගුණවර්ධන මහතාට එක් එක් නඩුවට බරපතළ වැඩ සහිත වසර 4 බැගින් කොළඹ මහාධිකරණය විසින් සිරදඬුවම් නියම කර ඇති අතර රුපියල් ලක්ෂ 18ක දඩයක්ද නියම කර ඇත.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් පවරා තිබූ මෙම නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කරනු ලැබුවේ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහායිල් මහතා විසිනි.

2006 වර්ෂයේදී සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති ධුරය දැරූ සරණ ගුණවර්ධන මහතා, එම ආයතනයේ පරිහරණය සඳහා කුලී පදනම මත වාහන ලබාගෙන තිබුණි.

එහිදී රජයේ මුදල් අවභාවිත කරමින් සිතාමතාම රාජ්‍ය ආයතනයට පාඩුවක් සිදු කිරීම තුළින් දූෂණය නමැති වරද සිදුකර ඇති බවට විමර්ශනවලදී අනාවරණය විය. ඒ අනුව අල්ලස් කොමිසම විසින් මෙම නඩුකරය ගොනු කර තිබුනි.
මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka