gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

ශානි අයින් කරනවා නම් උපවාසය අත්හරිනවා - සලේ කොන්දේසි දමයි

ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර සිටින රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ තවදුරටත් ආහාර වර්ජනයේ නිරතව සිටින බව වාර්තා වේ.

ඊයේ රෝහල් පරිශ්‍රයේදී තමන් හමුවීමට පැමිණි ඥාතීන් සහ නීතිඥවරුන් හමුවේ ඔහු මේ බව තහවුරු කර ඇත.

තමන් දැනට නිරතව සිටින උපවාසය අවසන් කිරීම සඳහා ඔහු ප්‍රධාන කොන්දේසි දෙකක් ද ඉදිරිපත් කර තිබේ.

ඉන් පළමු කොන්දේසිය ලෙස ඔහු ඉදිරිපත් කර ඇත්තේ තමන් සම්බන්ධයෙන් දැනට සිදු කෙරෙන විමර්ශන කටයුතුවලින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාව ඉවත් කිරීමයි.

දෙවැනි කොන්දේසිය ලෙස තමන්ව දැනට රඳවා තබා ඇති ස්ථානය වහාම වෙනස් කිරීම යෝජනා කර ඇත.

මෙම ඉල්ලීම් ඉටුකරන තෙක් තමන් ආහාර වර්ජනය අත්නොහරින බව සලේ සිය නීතිඥවරුන් මාර්ගයෙන් වැඩිදුරටත් දන්වා තිබේ.
මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka