gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

සඳුදා සිට පාසල් ගුරුවරු ඔන්ලයින් ඉගැන්වීම් අත්හිටුවයි - ස්ටාලින් ඇතුළු දේශපාලන හා ශිෂ්‍ය ක්‍රියාකාරිකයින් වෙනුවෙන් රට පුරා උද්ඝෝෂණ - (video)

ඊයේ (08) දින පාර්ලිමේන්තු වට රවුම අසල කොතලාවල විශ්ව විද්‍යාල පනතට එරෙහිව උද්ඝෝෂණයක් සංවිධානය කළ ගුරු වෘත්තීය සමිති නායකයින්,ශිෂ්‍ය නායකයින් හා සිවිල් ක්‍රියාකාරිකයින් බලහත්කාරයෙන් නිරෝධායනයට ගෙන යාමට එරෙහිව එළඹෙන සඳුදා සිට සියලුම ගුරුවරු දැනට ස්වෙච්ජාවෙන් කරනු ලබන ඔන්ලයින් ඉගැන්වීමේ ක්‍රියාවලියෙන් ඉවත්වන බව ගුරු, විදුහල්පති වෘත්තීය සමිති විසින් අද (09) කොළඹදී පැවති මාධ්‍ය හමුවේදී අවධාරණය කළේය.

එපමණක් නොව ඉදිරි සතියේ සිට ප්‍රාදේශීය වශයෙන් උද්ඝෝෂණ පැවැත්වීම,පෝස්ටර් සහ බැනර් ප්‍රදර්ශන කරමින් විරෝධතා සිදුකරන බවද  ඔවුහු  සඳහන් කළහ.

දැනට සක්‍රීයව කටයුතු කරන සියලුම ගුරු විදුහල්පති වෘත්තීය සමිති එක්ව මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ග තීරණය කර ඇති අතර ආණ්ඩුව විසින් ගෙන යන මෙම මර්දනීය වැඩපිළිවෙල නතර කරන තුරු සිය අරගලය අඛණ්ඩව සිදුකරන බවයි ඔවුන් කියා සිටියේ.

අධිකරණයේ ඇප නියම වී තිබියදී කිසිදු සෞඛ්‍ය නිර්දේශයක් හෝ නොමැතිව මෙම පිරිස මුලතිව් ගුවන් හමුදා කඳවුරක් වෙත නිරෝධායනයට රැගෙන ගොස් ඇති අතර ඔවුන් වහාම නිවෙස් වෙත එවන ලෙස මෙම වෘත්තීය සමිති නියෝජිතයින් රජයට අවධාරණය කළේය.

මෙම මාධ්‍ය හමුවේදී  අදහස් දැක්වූ සමස්ත ලංකා එක්සත් ගුරු සංගමයේ සභාපති පූජ්‍ය යල්වල පඤ්ඤාසේකර ස්වාමීන් වහන්සේ පැවසුවේ වෘත්තීය සමිති නායකයින්,ශිෂ්‍යයෝ නිරෝධායනයට යැවූ පමණින් මෙම විරෝධතා නතර  නොවන බවයි.

ඒ අනුව පසුගිය දින දෙක පුරා සිදු වූ සිදුවීම් සමඟ එයට විරෝධය පළකරමින් ලබන සඳුදා සිට ස්වෙච්ජාවෙන් කරනු ලබන ඔන්ලයින් ඉගැන්වීම් නතරකරන බවයි උන්වහන්සේ පැවසුවේ.

පසුගිය කාලය තුළ ගුරු,විදුහල්පති වැටුප්  අරගලයේදී සමස්ත ගුරුවරු වෙනුවෙන් සටන් කළ වෘත්තීය සමිති නායකයින් මෙලෙස මර්දනය කරන්න සූදානම් වන මොහොතක ඊට එරෙහිව පෙළ ගැසෙන ලෙස  උන්වහන්සේ සෙසු සියලුම ගුරුවරු ඇතුළු සියලු දෙනා වෙත කියා සිටියේය. .

මෙම මාධ්‍ය හමුවේදී ලංකා ගුරු සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා අදහස් දක්වමින් කියා සිටියේ පසුගිය දින දෙක තුළ සිදු වූ සිදුවීම් වලින් රජයේ මිලිටරිකරණයේ ප්‍රතිඵල දක්නට ලැබුණු බවයි.

මෙලෙස මර්දනය ගෙන ඒමට ආණ්ඩුව සූදානම් නම් ඊට එරෙහිව උපරිම ක්‍රියාමර්ග ගැනීමට ගුරු විදුහල්පති වෘත්තීය සමිතිද සූදානම් බවයි ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා පැවසුවේ.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka