gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

සනත්ට අවුරුදු 7ක් ක්‍රිකට් තහනම් කරයි !

ක්‍රිකට් ආයතනයේ හිටපු දස්කම් විශ්ලේෂක - සනත් ජයසුන්දර හට සියලුම තල වල ක්‍රිකට් තරග වලින්  වසර 7ක තරග තහනමක් පනවා තිබේ.
 
ක්‍රීඩකයකු කණ්ඩායමට ඇතුළත් කිරිමට තමා වෙත අල්ලසක් ලබාදීමට උත්සාහ කළ බවට හිටපු ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු විසින් කරනු ලැබු ප්‍රකාශයක් මත දස්කම් විශ්ලේෂක 2019දී සනත් ජයසුන්දර සිය ධූරයේ කටයුතු කිරීම අත්හිටවනු ලැබුණි.   
 
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් පනවනු ලැබූ තහනමද එම අත්හිටුවීම ක්‍රියාත්මක වූ 2019 මැයි 11දා සිට බලපැවැත්වේ.
 
ක්‍රීඩා අමාත්‍යවරයා හට අල්ලසක් ලබාදීමට උත්සාහ කිරීම හා අයි.සී.සී. දූෂණ විරෝධී ඒකකය විසින් සිදුකරනු ලැබූ පරීක්ෂණය පමා කිරීමට හෝ බාධා පැමිණවීමට කටයුතු කිරීම ඔහුට එල්ල වී තිබූ චෝදනා වේ.
 
මේ සම්බන්ධයෙන් අයි.සී.සී. සාමාන්‍යාධිකාරී - ඇලෙක්ස් මාෂල් පවසා ඇත්තේ අමාත්‍යවරයකුට අල්ලස් දීමට ජයසුන්දර දැරූ උත්සාහය බරපතල වරදක් වන බවත්, කිසිඳු පසුතැවිල්ලකින් තොරව  ඔහුගේ ක්‍රියාවන් වසාගැනීමට දරා ඇති උත්සාහයන් අතිශයෙන්ම කනස්සලුදායක බවත්ය.
“අප ක්‍රීඩාව තුළ දූෂිත ලෙස හැසිරීම අප විසින් නොඉවසන අතර එවැනි හැසිරීම් වැළැක්වීම සඳහා මා කණ්ඩායම දිගින් දිගටම, තදින්ම කටයුතු කරනවා... මේ තහනම, වැරදි පාරේ යාමට පෙළඹිය හැකි ඕනෑම කෙනෙකුට පාඩමක් විය යුතුයි, ” යැයි ඔහු කියා සිටියි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka