gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

‘ඩෙල්ටා’ දිස්ත්‍රික්ක 4කට ඇතුළු වෙයි! දැනට 14ක්! පොකුරු බිහිවීමේ අවදානමක්!

වේගවත් පැතිරීමක් සහිත ඩෙල්ටා සැර කොරෝනා වයිරස ප්‍රභේදය ආසාදනය වූ තවත් පුද්ගලයන් 18 දෙනෙකු දිවයිනේ දිස්ත්‍රික්ක හතරකින් සොයාගෙන ඇතැයි සෞඛ්‍ය අංශ ප්‍රධානීහු පවසති .

මේ සැර කොරෝනා ආසාදිතයන් හමුවී ඇත්තේ කොළඹ ගාල්ල මාතර සහ ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්කවලිනි.

කොළඹ දිස්ත්‍රික්කයේ කොළඹ නගර සභා ප්‍රදේශය ,කොළොන්නාව සහ අංගොඩ යන ප්‍රදේශවලින් ආසාදිතයන් මෙලෙස හමුවී ඇත .

ඩෙල්ටා සැර කොරෝනා ආසාදිතයන් 18 දෙනා හමුවී ඇත්තේ දිවයින පුරා කොරෝනා රෝගීන්ගෙන් අහඹු ලෙස ලබා ගත් ජෛව පටල සාම්පල එකසිය හතළිස් දෙකක් පරික්ෂා කිරීමේදීය.

මේ අතර දිවයින පුරා ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදයේ පොකුරු බිහිවීමේ අවදානමක් පවතින බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ, විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසයි.

අද (03) පැවැති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදීන් කළ ප්‍රශ්න කිරීමකට පිළිතුරු දෙමින් ඒ මහතා මේ බව පැවසීය.

මාධ්‍යවේදියෙක් – වෛද්‍යතුමනි ඩෙල්ටා වෛරස් ප්‍රභේදයේ ආසාදිත පොකුරු දිවයින පුරා බිහිවීමේ හැකියාවක් තිබෙනවා ද?

වෛද්‍ය හේමන්ත හේරත් මහතා – අනිවාර්යයෙන්ම තියෙනවා. මේ ප්‍රභේදය ලංකාවේ තිබෙන බව දැන් අපි දන්නවා. මේක තියෙන රෝගියාව අපිට ඇහැට පේන්නේ නෑ. ඒ නිසා මේ වෛරස ප්‍රභේදය ශරීරගත වූ අය අනන්තවත් ඉන්න පුළුවන්. ඒ අය මෙන්ම ඒ අයව ආශ්‍රය කරන අය සෞඛ්‍ය පුරුදු පිළිනොපැද්දොත් මේ වෛරස ප්‍රභේදය බෝ කිරීම සිදුවෙයි. මේ ප්‍රභේදය යම් යම් ස්ථානවලදී හමුවුණා කියලා මතයක් ගොඩ නැගිලා තියෙන්නේ සැහැල්ලුවෙන් කරන ප්‍රකාශ නිසා. එහෙම නැතුව සෞඛ්‍ය අංශයේ කිසිම කෙනෙක් පරීක්ෂණවලදී හෝ සාක්ෂි සහිතව මෙවැනි දෙයක් ප්‍රකාශ කරලා නෑ. සාමාන්‍ය PCR පරීක්ෂණයකට වඩා මේ වෛරසය හඳුනා ගැනීමට සෑහෙන්න කාලයක් ගත වෙනවා. දින කිහිපයක් ගතවනවා. මේක සංකීර්ණ ක්‍රියාවලියක්.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka