gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

කිසිදු එන්නතකට ලැම්ඩා අවනත නැති බව WHO කියයි - ලංකාවේත් ඇත්දැයි පරීක්ෂණ

‘ඩෙල්ටා’ කොවිඩ් ප්‍රභේදයට වඩා මාරාන්තික ‘ලැම්ඩා’ (C37) කොවිඩ් ප්‍රභේදය මෙරට ව්‍යාප්තවී ඇත්දැයි සොයා බැලීමට ජෛ ව සාම්පල ලබාගන්නා බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් පවසයි. මේ වනවිට දකුණු ඇමරිකාවේ පවතින ලැම්ඩා ප්‍රභේදය ඕනෑම අවස්ථාවක මෙරටට ඇතුළුවිය හැකි බැවින් මාර්ගෝපදේශයන් අකුරටම පිළිපැදීම ඉතාමත් වැදගත් යැයි විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් පවසයි. කොවිඩ් රෝගීන්ගෙන් අහඹු ලෙස මෙම ජෛව සාම්පල ලබාගන්නා බවද හෙතෙම කීය.

මෙලෙස ලබා ගන්නා ජෛ ව සාම්පල ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආ.සාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යාව සහ සෛල ජෛ ව විද්‍යාතනයට පරීක්ෂණ සඳහා ලබාදෙනු ඇත.

‘ලැම්ඩා’ කොවිඩ් ප්‍රභේදය ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ‘C37’ වශයෙන් නම්කර ලැයිස්තුගත කර තිබේ.

මෙම ලැම්ඩා කොවිඩ් ප්‍රභේදය මේ වනවිට ලතින් ඇමරිකාව, චිලී, පේරු යන රාජ්‍යය ඇතුළු රටවල් 30ක ව්‍යාප්ත වී ඇත.

ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කළේ මුල්වරට ‘ලැම්ඩා’ කොවිඩ් ප්‍රභේදය පේරු රාජ්‍යයෙන් සොයාගත් බවයි. මෙතෙක් ලොව නිෂ්පාදිත කිසිදු කොවිඩ් ම ර්දන එන්නතකින් මෙම කොවිඩ් ප්‍රභේදය ම ර්දනය කළ නොහැකි බවත් එම සංවිධානය පවසයි.

වරුණි පෙරමුණ..ශ්‍රියානි විජේසිංහ (අරුණ)


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka