gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

බැසිල් 08 දිවුරයි.. වරාය නගරය ඔහුට.. කෑලි ගැලවෙන අමාත්‍යංශ මෙන්න…

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා එළඹෙන 8 වැනිදා පාර්ලිමේන්තුවේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු වශයෙන් දිවුරුම් දීමට නියමිත බව සති අන්තා පුවත්පත් වාර්තා කරයි. ඔහු එදින ඔහු ඊට පසුදිනම ආර්ථික සංවර්ධන හා මුදල් රාජ්‍ය අමාත්‍යවරයා වශයෙන් ද දිවුරුම් දෙනු ඇතැයිද එම වාර්තාවල දැක්වෙයි.

ඔහුගේ අමාත්‍යාංශ මාත්‍යාංශය යටතට කොළඹ වරාය නගර ව්‍යාපෘතිය සහ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය ද පැවරෙනු ඇතැයි සඳහන්ය.

දැනට කොළඹ වරාය නගරය අගමැති මහින්ද රාජපක්ෂ මහතා යටතේ ඇති නාගරික සංවර්ධන අමාත්‍යාංශයට අයත් වන අතර ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය ඇත්තේ නාමල් රාජපක්ෂ මහතාගේ අමාත්‍යාංශය යටතේය.

බැසිල් රාජපක්ෂ මහතා වෙනුවෙන් ඇතිකරන අමාත්‍යංශය යටතට ජනාධිපතිවරයාගේ, අග්‍රාමාත්‍යවරයාගේ, චමල් රාජපක්ෂ මහතාගේ, නාමල් රාජපක්ෂ මහතාගේ අමාත්‍යංශය යටතේ ඇති ආයතන ගණනාවක් පැවරීමට නියමිතව ඇතැයිද එම වාර්තාවන් සඳහන් කරයි.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka