gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

වාහන නැතිව මන්ත‍්‍රීන්ට දුෂ්කරයි.. ඔවුනට සාධාරණයක් විය යුතුයි !

පාර්ලිමේන්තුවේ නවක මන්ත්‍රීවරුන්ට වාහන ලබාදීම සඳහා කැබිනට් යෝජනාවක් ඉදිරිපත් වූයේ මන්ත‍්‍රීවරුන්ගේ ඉල්ලීමක් මත නොවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර මහතා සඳහන් කරයි. එම කැබිනට් පත්‍රිකාව ඉදිරියේ ඉදිරිපත් වූයේ මීට පෙර ඒ පිළිබඳ ඉදිරිපත්වූ අදහසකට අනුව වන්නට ඇතැයිද ඔහු කියා සිටියි.

කෙසේ නමුත් ඇතැම් නවක මන්ත්‍රීවරුන්ට නිල වාහනයක් නොමැති නිසා ඔවුන්ගේ කටයුතුවල දැඩි දුෂ්කරතාවලට මුහුණ දෙන බවද මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.

සමහර මන්ත්‍රීවරුන් බස්රථයෙන් ගමන් ගන්නා බවද පවසන ඔහු එවැනි මහජන නියෝජිතයන්ට සාධාරණයක් විය යුතු යයිද කියා සිටී.

එනිසා දැනට රජය සතු වාහන වලින් හෝ ඔවුන් වෙනුවෙන් වාහන ලබා දීම සුදුසු බවද ඔහු පෙන්වා දෙයි.

කෙසේ වෙතත් රට මුහුණ දී ඇති අර්බුදකාරී තත්වය නිසා වරප්‍රසාද ලබා ගැනීමට කිසිදු අවශ්‍යතාවක් නොමැති බවද පවසන ඔහු රට වෙනුවෙන් ජනතාවට වඩා දේශපාලඥයන් කැපකිරීම් කළ යුතු බවද කියා සිටී.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka