gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

කරුවලගස්වැව ප්‍රාදේශීය සභාවේ එජාප මන්ත්‍රී කුඩුත් සමග අත්අඩංගුවට !

හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 04යි මිලි ග්‍රෑම් 500ක් රැගෙන යතුරු පැදියකින් ගමන් කරමින් සිටියදී කරුවලගස්වැව ප්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී විමුක්ති ඒකනායක පුත්තලම කොට්ඨාස විෂ මත් ද්‍රව්‍ය නාශක අංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරු හෙරොයින් මත්කුඩු රැගෙන ගිය යතුරු පැදියද පොලිස් බාරයට ගෙන ඇත.

හෙරොයින් මත්කුඩු සමග අත්අඩංගුවට සැකකරු සහ ඔහු සතුව තිබූ මත්කුඩු වැඩිදුර විමර්ශණ කටයුතු සදහා පුත්තලම පොලීසියට බාර දීමට වැටලීම කළ කොට්ඨාස විෂ මත් ද්‍රව්‍ය නාශක ඒකකයේ නිලධාරීන් කටයුතු කර තිබේ.

මෙම මන්ත්‍රීවරයා මීට පෙර එනම් 2019 වසරේදී අගෝස්තු මාසයේදීද හෙරොයින් මිලි ග්‍රෑම් 700ක් සමග කොළඹ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබිණි.

මුරුක්කුවටවන, කරුවලගස්වැව පුත්තලම ලිපිනයේ පදිංචි මෙම මන්ත්‍රීවරයා එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී රංගෙ බණ්ඩාර මහතාගේ ඥාතියෙකු බවද වාර්තා වේ.

උපුටා ගැනීම : lankatruth


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka