gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

රනිල්ට විපක්ෂ නායකකම ; විජේදාසගෙන් අලුත් පක්ෂයක් !

රනිල් වික්‍රමසිංහ මහතා ලබන සතියේ පාර්ලිමේන්තුවට පැමිණෙන බවත්, සමගි ජන බලවේගය දෙකඩ වීමට නියමිත බවත් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා අද (08) පාර්ලිමේන්තුවේදී පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ දැනටමත් සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනකු රනිල් වික්‍රමසිංහ මහතා මුණගැසී ඇති බවයි.

එමෙන්ම විපක්ෂනායකකමද ඉදිරියේදී සජිත් ප්‍රේමදාස මහතාගෙන් ගැලවී වික්‍රමසිංහ මහතාට හිමිවනු ඇති බවද ඒ මහතා කීය.

මේ අතර,  ප්‍රධාන පෙළේ භික්ෂූන් වහන්සේලා කිහිප හා විජේදාස රාජපක්ෂ මහතා ඉදිරි මැතිවරණ ඉලක්ක කරගෙන නව දේශපාලන  පක්ෂයක් ආරම්භ කිරීම සඳහා කොළඹ ප්‍රධාන පෙළේ විහාරස්ථානයක රහසිගත හමුවීම් කිහිපයක් පවත්වා ඇතැයි වාර්තා වේ.

පසුගිය ජනාධිපතිවරණයේදී වත්මන් රජය බලයට පත් කිරීම සඳහා ආණ්ඩුව සමඟ ක්‍රියාකළ ප්‍රධාන පෙළේ භික්ෂූන් වහන්සේලා දෙනමක් සහ විපක්ෂය නියෝජනය කරන භික්ෂූන් වහන්සේලා දෙනමක් මෙම කටයුත්තට මූලික වී සිටින බවද පැවසේ. 

මේ අවස්ථාවන් සම්බන්ධීකරණයට රජයේ හිතුවතුන් වන ප්‍රබල පාක්ෂිකයන් දෙතුන් දෙනෙක්ද එක්වී සිටින බව මේ අතර වාර්තා වේ.

-srilankamirror


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka