gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

ආසාදිතයින් ගෙදර.. මුළු ගෙදරටම කොවිඩ් – කොටගලින් හෙළිවන රටම දැනගත යුතු පුවත

කොවිඩ් ආසාදිතයින් නිරෝධායන මධ්‍යස්ථාන කරා රැගෙන නොගොස් නිවෙස්වල තැබීම හේතුවෙන් ඔවුන්ගේ පවුලේ සාමාජිකයින් සියල්ලන් හටම කොවිඩ් ආසාදනය වීම විශාල වශයෙන් වාර්තාවන බව කොටගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි ආරංචි මාර්ග පවසනවා.

මීට පෙර කොවිඩ් ආසාදනය වි මිය ගිය පුද්ගලයෙකුගේ අවමංගල්‍ය උත්සවයකට සහභාගි වු එකම පවුලේ 13 දෙනෙකුට කොවිඩ් ආසාදනය වී තිබුණු අතර මේ වන විට කොටගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල බල ප්‍රදේශයේ 24 දෙනෙකුට කොචිඩ්‌ 19 වෛරසය ආසාදනය වී තිබෙනවා‍.

කොටගල වෛද්‍ය නිලධාරී කේ සුදර්ශන් මහතා පවසන්නේ තලවකැලේ නගරයෙන්‌ 05 දෙනෙක්‌ සහ කොටගල රොසිටා, යැදන්‌ සයිඩ් සහ සමාදානපුරම්‌ යන ප්‍රදේශවලින්‌ සෙසු අසාදිතයන්‌ වාර්තා වූ බවයි.‍

අසාදිතයන්‌ 24 දෙනා පෙර අසාදිතයන්ගේ ආශ්‍රිතයන්‌ වු නිසා එම පිරිස ස්වයං නිරෝධානයට යොමු කළ අතර පසුගියදා සිදු කරන ලද පි.සි.ආර්‌ පරික්ෂණ වලින් ඔවුන්ද ආසාදිතයින් බව අනාවරණය වුණා.

හැටන් ප්‍රදේශයේ ප්‍රජාව බොහෝ වශයෙන් වතු නිවාස ආශ්‍රිතව ජීවත් වන අතර නිවාස එකිනෙකට යාබදව පිහිටීම නිසා ඔවුන්ගේ පවුලවල සමාජිකයින් අතර ඉක්මණින් කොවිඩ් වෛරසය අසාදනය වීමේ ප්‍රවණතාවක් දක්නට ලැබෙන බවත් ඔහු පෙන්වා දෙනවා.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka