gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

ගිනි අවි ගත් ලාංකීකයන් පිරිසක් නිසා ඉන්දියාව කැළඹෙයි - රට පුරා ආරක්ෂාව තද කරයි

ශ්‍රී ලංකාවේ සිට ආයුධ සන්නද්ධ කණ්ඩායමක් ඉන්දියාවට ඇතුළුවීමට උත්සාහ කරමින් සිටින බව එරට බුද්ධි අංශවලට අනාවරණය වෙලා. 

මේ නිසා ඉන්දියාව තුළ දැඩි ආරක්ෂාවක් පනවන්නටත් කටයුතු කරලා.

තමිල්නාඩු ප්‍රාන්ත පොලීසිය සහ එරට මධ්‍යම බුද්ධි අංශය මේ සම්බන්ධයෙන් දැඩි අවධානයකින් පසුවන බවත් ඉන්දියානු මාධ්‍ය විසින් පවසා තිබෙනවා.

මෙම ආයුධ සන්නද්ධ පිරිස ඉන්දියාවට ඇතුළු වෙන්නට උත්සාහ කරනවා කියලා තොරතුරු ලැබිලා තිබුණේ පසුගිය සෙනසුරාදා පස්වරුවේ. ඉන්පසුව ඉන්දියානු බුද්ධි අංශ විසින් ආරක්ෂාව තර කරන්නැයි පවසා තිබෙනවා.

මෙම අනතුරු ඇඟවීමත් සමඟ කන්‍යාකුමාරි, තූත්තුකුඩි, රාමේෂ්වරම් සහ චෙන්නායි යන නගරවල විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරලා.

මෙම ආයුධ සන්නද්ධ පිරිස බෝට්ටුවකින් රාමේෂ්වරම් වෙරළ දෙසට ගමන් කර ඇති බවටයි තොරතුරු අනාවරණය වෙන්නේ.

මෙම පිරිස කවුරුන්ද යන්නත් අනන්‍යතාවය හෝ සංවිධානය කුමක්ද යන්නත් ‍මෙතෙකේ හෙළි වෙලා නැහැ.

වෙරළබඩ ප්‍රදේශකරා ගමන් කරන සියලුම ප්‍රධාන මාර්ගවල ආරක්ෂාව සහ නිරික්ෂණයට පොලිස් නිලධාරීන් දැනටමත් යොදවා අවසන්. 

තමිල්නාඩු වෙරළ තීරයට ළගාවීමට දරණ ඕනෑම උත්සහයක් වළක්වා ගැනීම සඳහා වෙරළ ආරක්ෂක මුර සේවය දැඩිව කටයුතු කරමින් ඉන්නවා.

උපුටා ගැනීම : asian mirror


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka