gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

ගිනිගත් නෞකාව ගිලීයාම ඇරඹේ.. ඈතට ඇදගෙන යාම අසීරුයි.. තෙල් විසිරීමෙන් මුහුදු කලාපයම අනතුරේ - (photos)

කොළඹ වරාය ඉදිරියේ ගිනි ගැනීමට ලක්ව විනාශයට පත්වූ නෞකාවේ ගිලී යාම ආරම්භ වී ඇතැයි සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය සඳහන් කරයි.

එම නෞකාවේ පසුපස කොටසේ සිදුව ඇති ජල කාන්දුවක් හේතුවෙන් මෙම ගිලී යාම ආරම්භ වී ඇත.

මේ හේතුවෙන් නෞකාවේ ඇති තෙල් මුහුදු ජලයට මුසු වීමක් සිදු වීමට ඉඩ ඇති බවත් එසේ වුවහොත් දික්ඕවිට සිට මීගමුව දක්වා ප්‍රදේශය දක්වා විශාල තෙල් පැල්ලමක් විහිදෙනු ඇතැයි ඔවුන් අනුමාන කරයි.

කෙසේ වෙතත් නෞකාව ගැඹුරු මුහුදට ඇදගෙන යාමට කටයුතු අද පෙරවරුවේ ආරම්භ කෙරුණ ද නෞකාව ගිලිමින් පවතින නිසා එම කටයුතු අසීරු වෙමින් ඇතැයි ද වාර්තා වෙයි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka