gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

අගමැති රටෙන්ම විශේෂ ඉල්ලීමක් කරයි !

කොරෝනා වසංගතය රටට අභියෝගයක්වී ඇති අවස්ථාවක ජනතාවගේ ජීවිත බිල්ලට දෙමින් දේශපාලන වාසි ගැනීමෙන් වළකින්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විපක්ෂයෙන් ඉල්ලීමක් කරයි. රට මුහුණදී ඇති අවස්ථාවක එය ජය ගැනීමට සියලු දෙනාගේ සහයෝගය අපේක්ෂා කරන බව අග්‍රාමාත්‍යවරයා අවධාරණය කළේය.

කැලණි පාලමේ සිට අතුරුගිරිය දක්වා කුළුණු මත ඉදිකරන අධිවේගී මාර්ගය සහ කොළඹ සහ මහනුවර නගරය ආශ්‍රිතව පවතින දැඩි වාහන තදබදයට පිලියම් ලෙස ගුවන් පාලම් ඉදි කිරීමේ සමාරම්භක අවස්ථාවට අද එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

අරලියගහ මන්දිරයේ සිට ඔන්ලයින් තාක්ෂණය ඔස්සේ අග්‍රාමාත්‍යවරයා මෙම අවස්ථාවට එක්ව සිටියේය.

විවිධ දුෂ්කරතා තිබෙන බව දන්නා බවත්, සෑම ජීවිතයක්ම වටිනා බවත් ඒ හේතුවෙන් රජයේ ගෙනයනු ලබන වැඩපිළිවෙළට සහයෝගය ලබාදෙන මෙන් අග්‍රාමාත්‍යවරයා මෙහිදී ජනතාවගෙන් ඉල්ලා සිටියේය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka