gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

පළමු මාත්‍රාවට විතරක් ජනතාවගෙන් කැමැත්ත ගත්තෙ සෞඛ්‍ය බළධාරීන්ගේ උපදෙස් මත - කෙහෙළිය

මහනුවර දිස්ත්‍රික්කය තුළ ක්‍රියාත්මක එන්නත්කරණ වැඩසහටන තුළදී එන්නත් ලබා ගැනීමට පැමිණෙන ජනතාවගෙන්, පළමු මාත්‍රාව පමණක් ලබා ගැනීමට කැමති බව සඳහන් ලිපියකට අත්සන් ලබා ගැනීම සම්බන්ධයෙන් ඊයේ කතාබහට ලක්විය. කෙසේ නමුත් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් කළේ එවැනි සිදුවීමක් සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශය වෙත වාර්තා වී නොමැති බවයි.

අද (01) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මේ පිළිබඳව මාධ්‍යවේදීන් ප්‍රශ්න කළ අතර ඊට ප්‍රතිචාර දක්වමින් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ප්‍රකාශ කළේ පළමු මාත්‍රාව පමණක් ලබා ගැනීමට කැමැත්ත පළකරමින් ජනතාවගෙන් අත්සන් ලබා ගත්තේ සෞඛ්‍ය බළධාරීන්ගේ උපදෙස් මත බවයි. ඒ සඳහා ආණ්ඩුවේ හෝ දේශපාලනඥයන්ගේ කිසිදු මැදිහත්වීමක් නොමැති බවද ඇමතිවරයා සඳහන් කරනවා.

රටේ පවතින තත්වයන් අනුව ස්පුට්නික් එන්නතේ එක් මාත්‍රාවක් පමණක් ලබාදීම ප්‍රමාණවත් බව සෞඛ්‍ය බළධාරීන්ගෙන් සමන්විත විශේෂඥ කමිටුවක් විසින් තීරණය කර ඇති බවද ඇමතිවරයා පවසනවා.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka