gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

ගම්මන්පිලට ජනතා විරෝධයක් : තෙල් කාන්දුවට වැරදිකරු ‘ටැංකිය’ බවට ඇමති වාසුදේව කියයි - (video)

තෙල් සංස්ථාවට අයත් සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ බිම් මට්ටමේ පිහිටි, වසර 50 ක් පමණ පැරණි, තෙල් මිශ්‍රිත ජලය පිරිසුදු කිරීමට භාවිතා කරන පවිත්‍රාගාර පද්ධතියක්, ඇදවැටුණු අධික වර්ෂාපතනය හේතුවෙන් වැසි ජලය එකතුව පිටාර ගලා යාම නිසා ජනතාව පදිංචි නිවාස වලට සහ ප්‍රදේශයේ ළිං ජලය සමඟ තෙල් මුසු වීම හේතුවෙන් එම ප්‍රදේශයේ ජනතාව දැඩි අපහසුතාවකට ලක්ව තිබෙනවා.

ඒ පිළිබඳව නිරීක්ෂණය කිරීමට ගිය අමත්‍ය උදය ගම්මන්පිල මහතාට ජනතාවගේ විරෝධයක් එල්ලවනු දක්නට ලැබුනා.

නිසි ලෙස නිරීක්ෂණය නොකොට අමාත්‍යවරයා මාධ්‍ය හමුවේ අදහස් දැක්වීම හේතුවෙන් “ඔබතුමා දැක්කා වගේ කතා කරනවා බොරු කියන්න එපා” යනුවෙන් ජනතාව අදහස් දක්වා සිටියා.

එහිදී අමාත්‍යවරයා කියා සිටියේ මාධ්‍යවේදීන්ගේ කාමර උපකරණ තෙමෙන හෙයින් ඔවුන්ට අදහස් දැක්වීමක් ඉදිරිපත් කළ බවත් ඔවුන් මෙම ස්ථානයෙන් පිටව ගියත් තමන් රැඳී සිටින බවයි.

“ඔබ තුමන්ට දුක උපකරණ ගැන ද? ජනතාව ගැන නෙමෙයිද?” යනුවෙන් එයට පිළිතුරු ලබාදුන් ජනතාව කියා සිටියා.

එහිදී අමාත්‍යවරයා දැක්වූ අදහස් සහ එම සිද්ධිය පහතින්,


තෙල් ටැංකිය තමා දැවි තෙල් කාන්දුවට වැරදිකරු

මේ අතර කොළොන්නාව දැවිතෙල් කාන්දුවට වැරදිකරු එම තෙල් ටැංකිය වන බව අමාත්‍ය වාසුදේව නානයක්කාර මහතා පවසනවා.

ඒ මහතා මේ බව ප්‍රකාශ කර සිටියේ පසුගියදා පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියෙකු යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්.

අදාල තෙල් කාන්දුව සම්බන්ධයෙන් වැරදිකරු කවුරුන්ද යන්න විමසීමේදී අමාත්‍යවරයා පවසා සිටියේ ඊට වගකිව යුතු වන්නේ තෙල් ටැංකිය වන බවයි. එම වීඩියෝව පහළින්..


සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ පිහිටා ඇති දැවි තෙල් ගබඩා කරන භූ ගත ටැංකියකින් කාන්දු වු දැවි තෙල් අධික වර්ෂාව හේතුවෙන් ජලය සමඟ මිශ්‍ර වූ අතර දැවි තෙල් මිශ්‍රණ අඩංගු ඉන්ධන වැසි ජලය හරහා කැළණි ගඟට මුසු වීමේ අවදානමක්ද මතුවූ බව ල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ සභාපති නිශාන්ත රණතුංග මහතා පසුගියදා ප්‍රකාශ කර සිටියා .

දැවි තෙල් මිශ්‍රණ අඩංගු ඉන්ධන වැසි ජලය හරහා කැළණි ගඟට මුසු වීමේ අවදානමක් එතෙක් ඇතිවී නොමැති බවට බලශක්ති අමාත්‍ය උයද ගම්මන්පිල මහතා විසින් ප්‍රකාශයක් සිදු කළ අතර පසුව එම තත්ත්වය නිරික්ෂණය කිරීමට එම ස්ථානයට ගිය උදය ගම්මන්පිල මහතාට ප්‍රදේශවාසීන්ගෙන් දැඩි විරෝධයක් එල්ල වුණා.

ඔවුන් පැවසුවේ පවත්නා තත්ත්වය නිරීක්ෂණය කිරීමටත් පෙර අමාත්‍යවරයා මාධ්‍ය වටකරගනිමින් ඔවුන්ට අදහස් දැක්වීමට කටයුතු කළ බවයි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka