gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

නෞකාව තුළට ජලය කාන්දුවන බවට සැකයක්! ගිලුනොත් මහා විනාශයක්!!

එක්ස්ප‍්‍රස් පර්ල් නෞකාව තුළට ජලය කාන්දුවන බවට සැක මතු වී තිබෙනවා.

ඊයේ (31) මධ්‍යම රාත්‍රියේ දී ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සිදු කළ නිරීක්ෂණයක දී පෙනී ගොස් ඇත්තේ නෞකාවේ පිටුපස කොටස අසාමාන්‍ය ලෙස ජලයෙහි ගිලා බැස ඇති බවයි.

මේ අනුව නෞකාවෙහි පිටුපස පිහිටා ඇති එන්ජින් කාමරය ආශ්‍රිත ප්‍රදේශයෙහි ජලය පිරී ඇති බවට විශ්වාස කරන බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා මහතා ප්‍රකාශ කළා.

අදාළ නෞකාවේ ගලවාගැනීමේ සමාගම, වෙළඳ නෞකා ලේකම් කාර්යාලය සහ කොළඹ වරාය යන ආයතන ද මෙම කරුණ සම්බන්ධයෙන් මේවන විට දැනුවත් කර ඇති බවයි ඒ මහතා සඳහන් කළේ.

නෞකාවෙහි පතුළ පරීක්ෂා කිරීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් 09 දෙනෙකුගෙන් සමන්විත කිමිදුම් භට කණ්ඩායමක් සූදානම් කොට ඇති බව ද ඔහු පැවසුවා.

එක්ස්ප්‍රස් පර්ල් නෞකා අනතුර හේතුවෙන් ශ්‍රී ලංකාවේ සාගර සහ වෙරළ පරිසර පද්ධතියට මේවන විට දැඩි විනාශයක් සිදුව ඇති අතර යම් හෙයකින් නෞකාව ගිලී ගියහොත් එම පරිසර හානිය දැනට පවතින තත්ත්වය මෙන් කිහිප ගුණයකින් වැඩිවනු ඇති බවට යි විශේෂඥයින් බිය පළ කරන්නේ.

නෞකාව ගිලී ගියහොත් එය තුළ ඇති තෙල් සාගර ජලයට මුසුවීම සිදුවන අතර වත්මන් විනාශයට වඩා එය භයානක බව ඔවුන් පවසනවා.

එක්ස්ප‍්‍රස් පර්ල් නෞකාවේ ගින්න මේවන විට සම්පූර්ණයෙන්ම පාලනය කර තිබෙන අතර මේවන විට තිදෙනෙකු නෞකාවට ගොඩ වී තිබෙනවා.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka