gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

"අපි ඒවා අනුමත කරන්නේ නෑ...හරි අපරාධයක් ඒක" - ඇමැති දුමින්ද ආණ්ඩුව ගැන කළකිරීමක

එන්නත්කරණ වැඩපිළිවෙලට දේශපාලඥයෝ සම්බන්ධ වීම සම්බන්ධයෙන් අපිටත් විවේචනයක් තිබෙන බවත් ඒවා අනුමත නොකරන බවත් රාජ්‍ය අමාත්‍යය දුමින්ද දිසානායක මහතා පවසයි. ඇතැම් පුද්ගලයින් නූගත්කමට, නොදන්නා කමට එහෙමත් නැත්නම් ලකුණු දාගන්න කරන වැඩ වලින් ආණ්ඩුවක් විදිහට අපහසුතාවකට පත් වෙන බවත් ආණ්ඩුව වියදම් කර නොමිලේ එන්නතත් ගහලා බැනුමත් අහගන්නා බවත් ඔහු පෙන්වා දුන්නේය.

ඒ මහතා මේ බව ප්‍රකාශ කර සිටියේ ඉපලෝගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පැවැති කොවිඩ් මර්ධන කමිටුව අමතමිනි.  

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ දුමින්ද දිසානායක අමාත්‍යවරයා,

"දැන් ග්‍රාම නිළධාරීන්, සමෘද්ධි නිළධාරීන් 5000 දෙන එකේ ඉඳන්, රජයේ වැඩපිළිවෙල ගමට ගෙන යන වැඩේදී කටයුතු කරන්නේ. ඒ ටික අපි බලාගත්තේ නැත්නම් අපි ලොකු ප්‍රශ්නයක් වෙනවා. අපි ජනාධිපතිතුමන් සමඟ සාකච්ජා කරලා රජයේ රජයේ සේවකයන්ටත් ප්‍රමුඛතාවය ලබා දිය යුතුයි කියලා ඉල්ලීමක් කරන්නම්. ඉහළින් ලැබී තියෙන තීන්දුව තියෙන්නේ ගමේ පුද්ගලයින්ට එන්නත්කරණය කරන්න නම් ඒක සෞඛ්‍ය අංශ වලටම භාර දෙන්න අවශ්‍යයි, එන්නත්කරණය කරන්නේ කොයි ගම්වලට කියලා තෝරන්න. අපිට ඒ තීන්දුව ගන්න පුලුවන්කමක් නෑ. ඒ වැඩේ සෞඛ්‍ය අංශ පැත්තෙන් සිද්ධ වෙන්න අවශ්‍යයි. ගම් මට්ටමින් එන්නත් ලබා දෙන වැඩසටහනේදී අපි සියලු දෙනාම සහයෝගය දෙන්න අවශ්‍යයි. සෞඛ්‍ය අංශම තීරණය කරන්න ඔ්න කාටද ප්‍රමුඛතාවය කියලා. මේ ගම තෝරා ගන්නේ ඇයි, මේ පුද්ගලයා තෝරා ගන්නේ ඇයි එන එන්නත් ප්‍රමාණය මුළු ගමටම මදි වුණොත් කාට කාටද එන්නත් දෙන්නේ කියන තීන්දුව සෞඛ්‍ය අංශ වලට භාර දෙන්න.ඒ වගකීම අපි ගන්න ඔ්නකමක් නෑ,රාජ්‍ය නිළධාරීන්ට, දේශපාලඥයින්ට ඒ වගකීම් ගන්න ඕනකමක් නෑ. ඒ සඳහා අවශ්‍යය  සහය අපි ලබා දෙනවා.

රූපවාහිනිය බලලා ප්‍රවෘත්ති වල දකින දේ අනුව එන්නත්කරණ වැඩේට දේශපාලඥයෝ සම්බන්ධ වෙන එක ගැන විවේචනයක් අපිටත් තියෙනවා.අපිත් ඒවා අනුමත කරන්නේ නෑ. සමහර කට්ටිය නූගත්කමට, නොදන්නා කමට එහෙමත් නැත්නම් ලකුණු දාගන්න කරන වැඩ වලින් ආණ්ඩුවක් විදිහට අපි අපහසුතාවකට පත් වෙනවා. ආණ්ඩුව වියදනුත් කරලා සියලු දේ කරලා නොමිලේ එන්නතත් ගහලා බැනුමත් අහගන්නවා. හරි අපරාධයක් ඒක.ඒවා අපි හෝ ජනාධිපතිතුමන් අනුමත කරන්නේ නෑ.ඒ නිසා සෞඛ්‍ය බළධාරීන් සෞඛ්‍ය සම්බන්ධයෙන් ගන්නා තීරණ වලදී සෞඛ්‍ය බළධාරීන් නායකත්වය ගන්න, වගකීම ගන්න. අපි දෙන්න තියෙන උපරිම සහයෝගය ඔබතුමන්ලාට දෙන්නම්. මේක තුවක්කුත් එක්ක කරන ගණුදෙනුවක් නෙමෙයිනේ.ඒ නිසා සෞඛ්‍ය අංශ වලට තමයි මෙහි වගකීම තියෙන්නේ.

දේශපාලන අධිකාරිය විදිහට අපේ පැත්තෙන් දෙන්න පුළුවන් උපරිම සහයෝගය අපි දෙන්නම්.ප්‍රාදේශීය සභා මන්ත්‍රීතුමන්ලත් උදව් කරනවා මිසක් මේ වැඩේට මොනම හේතුවක් නිසාවත් වෙන කිසි දේකට මැදිහත් වෙන්න එපා.හරි නම් මේ එන්නත්කරණය කරන පැත්ත පලාතේ අපි නොයා ඉන්න ඔ්න.කිසි තේරුමක් නෑනේ, අපි ඉන්නේ පෝලීම් හදන්නයි,පෝලිම් වලින් පැනලා කට්ටිය දාන්නයි නෙමෙයිනේ.සෞඛ්‍ය අංශ තමයි තීරණය කරන්න ඔ්න මේ ගමේ මේ පුද්ගලයෝ අවධානම් කියලා ඒ අයට එන්නත්කරණය කරන්න" යැයි දුමින්ද දිසානායක අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka