gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

දෙවනගල උණුසුම් තත්වයක්! භාරකාර හිමිගෙන් ප්‍රකාශයක්

මාවනැල්ල ඓතිහාසික දෙවනගල පුරා විද්‍යා ස්මාරක සහිත භූමියේ පෙරේදා (30) පස්වරුවේ අනවසර ගසක් කපා දමා ඇතැයි වාර්තා විය.

ඒ සම්බන්ධයෙන් එම පුද්ගලයන්ට නිතීය ක‍්‍රියාත්මක කරන ලෙස සබරගමුව පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා මාවනැල්ල පොලිසියට උපදෙස් ලබා දි තිබේ.

මෙම ගස කපා දමා තිබුණේ දෙවනගල පුජා භූමියට ගොඩවන ප‍්‍රධාන පිවිසුම අසල ඉපැරණි අම්බලම පැවැති ස්ථානයේය. මෙම ස්ථානය ආසන්නයේ ජිවත් වන පුද්ගලයෙකු විසින් එම ස්ථානයේ ඇති ගසක අතු ඉවත් කිරිමට අවසරයක් ලබා දෙන ලෙස දෙවනගල භාරකාර ස්වාමින් වහන්සේ වන මැදිරිගිරියේ පුඤ්ඤසාර හිමියන්ගෙන් ඉල්ලීමක් කර තිබු අතර ඒ සඳහා හිමියන් විසින් අවසරය ලබා දි තිබුණේ දෙවනගල විහාරයේ ආරක්ෂාවට යොදවා ඇති පොලිසියේ අධික්ෂණය යටතේ පමණක් එය සිදු කරන ලෙසයි.

ඒ අනුව ගසේ අතු ඉවත් කිරිමෙන් අනතුරුව පොලිස් නිලධාරින් විහාරස්ථානය වෙත ගිය පසු ගස කපා දැමීමට ඔවුන් කටයුතු සුදානම් කර ඇත. ඒ බව දැනගත් දෙවනගල මුර පොළේ පොලිස් නිලධාරින් සහ විහාරාධිපති හිමියන් එම ස්ථානය වෙත දායකයින් සමග ගිය පසුව එම ස්ථානයේ උණුසුම් තත්වයක් ඇති ව තිබෙන අතර ගසෙහි භාගයකට වැඩි කොටසක් කපා තිබේ.

පුරා විද්‍යා භූමිය තුල කපා තිබු ගස අනාරක්ෂිතව තිබු බැවින් පසුව ගස ඉවත් කිරිමට එහිදි ප‍්‍රදේශවාසීන් කටයුතු කරන ලදි.

මෙම තත්වය ගැන අදහස් දක්වන දෙවනගල භාරකාර ස්වාමින් වහන්සේ වන මැදිරිගිරියේ පුඤ්ඤසාර හිමියන් පැවසූවේ පුරා විද්‍යා ස්මාරක රැසක් තිබෙන දෙවනගල පූජා භූමියට ගොඩ වන ප‍්‍රධාන පිවිසුම අසල ඉපැරණි සඳකඩ පහන මීට වසර කිහිපයකට කඩා දමා වැරදිකරු වු පුද්ගලයා දෙවන මැනුම සම්බන්ධයෙන් අධිකරණයේ නඩුවක් පවතින අවස්ථාවේ නීතියට පිටු පාමින් අනවසරයෙන් තමයි මෙ ගස කැපිම සිදු කර ඇති බවයි.

"මෙම ගස කපා දැමිම නිසා ඉපැරණි ගල් බැම්මට පවා හානි සිදු වි තිබෙනවා. ඒ වාගේම මෙ පුද්ගලයන්ට අවශ්‍ය වි තිබෙන්නේ නිතීයට අවනත නොවි හෝ මෙම ස්ථානයේ පෞරාණිකත්වය කෙලෙසා දැම්මයි. පවතින රජය යටතේ මෙහි දෙවන මැනුම ඉක්මනින් සිදු කර ඉදිරි ක‍්‍රියා මාර්ග නොගැනිමට යම් හෙයකින් ප‍්‍රමාද විමක් සිදු වුන හොත් ඔවුන් සංවිධානාත්මකව බලා ගෙන සිටිනවා මෙම ඓතිහාසිකත්වය විනාශ කර දමන්න. මෙච්චර කාලයක් එය සිදු වුනා. එය තව දුරටත් ඉටු නොවි වලක්වා ගැනිම මේ රජයේ ප‍්‍රධාන වගකිමක් ද වනවා. ඒ වාගේම සබරගමුවේ පවතින ඉපැරණි ඓතිහාසික වටිනාකම් ඇති ස්ථානයක් සේම වාම දළදා වහන්සේ එක් දිනක් සමවත් සුවයෙන් වැඩසිටි ඓතිහාසික ස්ථාන රැසක් සහිත භූමියක් ලෙස මෙම ස්ථානය අදටත් ලෝක වාසීන් බොහෝ දෙනාගේ වන්දනාමානයට ලක් වි තිබෙනවා." යැයි උන්වහන්සේ පැවසූහ.

ඒ නිසා මෙම වැරදිකරුවන්ට වහාම නිතීය ක‍්‍රියාත්මක කරවන ලෙස ඉල්ලමින් දෙවනගල විහාරස්ථ දායක සභාව විසින් මාවනැල්ල පොලිසියට පසුගිය 30 වැනි දින පැමිණිල්ලක්ද යොමු කර ඇති අතර ඒ වෙනුවෙන් නිතීයෙන් විසදුමක් ලැබෙනු ඇති බවටද උන්වහන්සේ කියා සිටියහ.

එලෙසම ඔවුන් වහාම අත්අඩංගුවට ගැනිමට පියවර ගන්නා ලෙසද උන්වහන්සේ මාවනැල්ල පොලිසියෙන් ඉල්ලා සිටි.

මෙම ගසා කපා දැම්මට කිසිදු ලියකිවිල්ලක් හෝ කිසිදු නිතීමය අවසරයක් පුරා විද්‍ය දෙපාර්තමේන්තුවෙන් හෝ නොමැති බව උන්වහන්සේ වැඩිදුරටත් පැවසීය.

එම ස්ථානයේ සිටි බොහෝ දෙනෙකු සමුහයා වශයෙන් රැදි සිටියේ කිසිදු සෞඛ්‍ය ආරක්ෂිත ක‍්‍රමයකට නොවන බව වාර්තා වේ.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka