gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

පොලිසියේ ස්ටිකර් වැඩේ අල වෙයි – වගකීම් විරහිතයින් ස්ටිකරයත් අවභාවිතා කරයි – අහුවුනොත් දැඩි දඬුවම්

සංචාරණ සීමා පනවා ඇති කාලය තුළ කොළඹට ඇතුළු වන වාහන හදුනාගැනීමේ ස්ටිකර් ඇළවීමේ වැඩසටහන තාවකාලිකව අත්හිටවූ බව බස්නාහිර පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පවසනවා. කොළඹට ඇතුළු වූ වාහන 70,000 කට පළමු දිනයේ  පමණක් ස්ටිකර් අළවා ඇති බවත් එම සංඛ්‍යාව සංචරණ සීමා පනවා තිබූ පසුගිය සතිය තුළදී කොළඹට පැමිණි වාහන සංඛ්‍යාවට සමාන බවත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පපෙන්වා දෙනවා.

සිටිකර් ඇලවූ දිනයේ පමණක් කොළඹට  සතියක වාහන  ඇතුල්වී ඇති බවත් මෙම තත්වය හමුවේ ඇතැමුන් ස්ටිකරය අවභාවිතය කිරීමට ඉඩ ඇති බවත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කරනවා.

දේශබන්දු තෙන්නකෝන් මහතා පැවසුවේ ඉදිරියේදී කිසියම් වාහනයක් අත්‍යවශ්‍ය සේවාවක් යැයි එහි ලිපිලේඛණ පරීක්‍ෂාවෙන් පසුව සනාථ වුවහොත් පමණක් ස්ටිකරය ඇලවීමට කටයුතු කරන බවත් ස්ටිකරය අලවාගෙන එය අවභාවිතය කරන පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවයි.

මෙයට ප්‍රධාන හේතුව ජනතාව තම වගකීම හරිහැටි ඉටුනොකරමින් ආත්මාර්ථකාමී ලෙස කටයුතු කිරීම බව පැහැදිලි වන කරුණක්.

පොලිස් නිලධාරීන් තම ජීවිතය පවා අවධානමේ හෙලමින් වසංගතයෙන් රටත්,ජනතාවත් ආරක්ෂා කිරීම සඳහා කටයුතු කරද්දී ඇතැම් අවස්ථාවාදී පුද්ගලයින් තම පුරවැසි වගකීම් පවා තුට්ටුවකට හෝ මායිම් නොකොට මෙලෙස කටයුතු කිරීම නම් කණගාටු දායක තත්වයක් බවයි දේශබන්දු තෙන්නකෝන් මහතා සඳහන් කරන්නේ.

මුලාශ්‍රය – ලංකාදීප


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka