gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

යාපනයේ චීන ධජය ඔසවයි…! තමන් ඒ ගැන කිසිවක් නොදන්නා බව ඇමති දිනේශ් කියයි

චීන සමාගමක් විසින්, යාපනයේ සිදු කරමින් තිබෙන ඉදිකිරීමකට අයත් භූමිය තුළ ඔවුන්ගේ ජාතික ධජය ඔසවා ඇති බව වාර්තා වේ.

සාමාන්‍ය තත්ත්වයක් යටතේ, එවැන්නක් කිරීම නීති විරෝධී බව පවසන මෙරට විදේශකටයුතු අමාත්‍යවරයා, කෙසේ වෙතත් මෙතෙක් තමන්ට එවැනි සිදුවීමක් වාර්තා වී නැති බව ඬේලි මිරර් පුවත්පත සමග පවසා තිබේ.

මේ පිළිබදව සොයා බැලීම, අදාල ඉදිකිරීම අයත්, පලාත් පාලන ආයතනයේ වගකීමක් බවද අමාත්‍යවරයා පවසා තිබේ.

විදේශීය ඉදිකිරීම් සමාගමකට වුවත්, විශේෂ අවස්ථාවක දී සිය මවු රටේ ජාතික ධජය එසැවීමට අවස්ථාව ලැබෙන නමුත්, ඒ සදහා අදාල පලාත් පාලන ආයතනයේ පූර්ව අවසරය ලබා ගත යුතු බව අමාත්‍යවරයා පවසයි.

ඒ සදහා කිසිියම් ගෙවීමක් සිදු කළ යුතු බවත් – මෙම අවස්ථාවේ දී එකී කි‍්‍රයාපටිපාටිය නිසිලෙස සිදුව ඇත්දැයි සොයා බැලීම අදාල පලාත් පාලන ආයතනයේ වගකීමක් බවද අමාත්‍යවරයා පවසයි.

උපුටා ගැනීම : headlinenews


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka