gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

චීනය පන්සල් වසා දමමින් බුදු පිළිම සංහාරයක - පූජ්‍ය හැඩිගල්ලේ විමලසාර හිමි - (photos)

ශ්‍රී ලංකාවේ ළඟම මිතුරා වන චීනය සිය දේශීය තුළින් බුදු දහම වළලා දැමීමේ කෲර වැඩපිළිවෙලක නිරතව සිටින බවට තොරතුරු ශාස්ත්‍රපති පූජ්‍ය හැඩිගල්ලේ විමලසාර හිමියන් ඒෂියන් මිරර් වෙත හෙළිදරව් කරයි. චීනය තුළ කොමියුනිස්ට් මතවාදය නිදන්ගත කිරීම සඳහා ගෙන යන මෙම ම්ලේච්ඡ වැඩපිළිවෙළ මත එරට බෞද්ධයන් දැඩි කම්පනයකට මෙන්ම භීතියට ද පත්ව තිබෙන බවද උන්වහන්සේ අවධාරණය කරයි.

බෞද්ධ පන්සල් වසා දැමීම හෝ විනාශ කිරීම මෙන්ම සහ බුදු පිළිම විනාශ කිරීම මේ වන විට චීන රජය ආරම්භ කොට ඇති බවද උන්වහන්සේ පෙන්වා දෙන්නේ ඒ සම්බන්ධයෙන් වූ වීඩියෝ පටයක්ද ඉදිරිපත් කරමිනි.

ලෝකප්‍රකට අති විශාල කුවාන් යොන් බුදු පිළිමයද සහමුලින්ම විනාශ කිරීම ආරම්භ කොට ඇති බව උන්වහන්සේ තවත් බුදු පිළිම සිය ගණනක් එසේ විනාශ කරන බවද උන්වහන්සේ අවධාරණය කරයි.

කුවාන් යොන් බුදු පිළිමය විනාශ කිරීම සම්බන්ධයෙන් චීනයට ජාත්‍යන්තරවද අප්‍රසාදය පළ වී ඇති බව පෙන්වාදෙන උන්වහන්සේ මාඕ සේතුං ආගම ගැන ප්‍රකාශයක්ද පෙන්වා දෙයි.

ආගම මිනිසුන් ජාතියට නැඹුරු කරවීමට තිබෙන බරපතළ බාධාව බව මාඕ සේතුං පෙන්වා දුන් බව සඳහන් කරන උන්වහන්සේ ලොව සතුටින්ම ජීවත්වෙන ජනතාව ජීවත් වූ තිබ්බතයට චීනය කළ විනාශයද මතක් කරයි.

1958 චීනය තිබ්බතය ආක්‍රමණය කිරීමෙන් පසු මහා සංඝරත්නය අසූචි වලවල් වල වැඩකටයුතු වලට යොමු කළ බවත් එම අසූචි ඔලුව උඩ තබාගෙන යන ලෙස නියෝග කළ බවත් අවධාරණය කරයි.

චීනයේ බෞද්ධයන්ගෙන් මෙන්ම ජාත්‍යන්තරවද එල්ල වන බලපෑම් නොතකා  පන්සල් වසා දැමීම සහ බුදු පිළිම විනාශ කිරීම චීන රජය දිගටම කරගෙන යන බවද  උන්වහන්සේ අවධාරණය කරයි.

චීන ජනගහනයෙන් අති බහුතරය මහායාන බෞද්ධයන් වේ.

එලෙස බුදු පිළිම කඩා ඇති අයුරු දැක්වෙන ඡායාරූප පහතින්,


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka