gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

එක්ස්ප්‍රස් පර්ල් නැවේ කළු පෙට්ටිය හම්බවෙලා !

මුහුදුබත් වෙමින් ඇති එම්.වී. එක්ස්ප්‍රස් පර්ල් (M.V. X-Press Pearl) නෞකාවේ කළු පෙට්ටිය සොයාගෙන තිබේ.
 එය ඉදිරි විමර්ශන සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට(CID) භාර දී ඇති අතර නාවික හමුදාව කළ විශේෂ මෙහෙයුමකින් මෙය සෙයාගෙන ඇත.
 
පොලීසිය සඳහන් කළේ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සතු එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ කළු පෙට්ටිය, අධිකරණ නියෝගයකින් අනතුරුව ඉදිරි දින 02 තුළ විශ්ලේෂණ කටයුතු සඳහා රජයේ රස පරීක්ෂවරයා වෙත භාර දෙන බවය.
 
මේ අතර නෞකාවේ තිබූ ඉන්ධන තත්ත්වය සම්බන්ධයෙන් වාර්තාවක් ලබා දෙන්නැයි, සමෘද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය විසින් නෞකාව ගලවා ගැනීමේ සමාගමේ ප්‍රධාන කපිතාන්වරයාට දැනුම් දෙනු ලැබ තිබේ.
 
එහි සභාපති නීතිඥ දර්ශනි ලහදුපුර මහත්මිය සඳහන් ක⁣⁣ළේ, ගිලෙමින් ඇති නෞකාව නිසා තවදුරටත් සාගරයට, පරිසරයට හෝ වෙරළ තීරයට හානියක් නොවන ලෙසට කටයුතු කරන්නැයි ද දැනුම් දුන් බවය.
 
එම්.වී. එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් වෙරළට ගොඩ ගැසු ඝණ අපද්‍රව්‍ය සහිත බහලුම් 40කට අධික සංඛ්‍යාවක් වත්තල ප්‍රදේශයේ ඇති අංගනයකට වැඩිදුර විමර්ශන සඳහා රැගෙන ගොස් ඇතැයි ද , පරිසර අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කළේය.
 
මේ අතර, පසුගිය දින කිහිපයේ දිවයිනේ විවිධ වෙරළ තීරවලට ගොඩ ගැසූ මිය ගිය කැස්බෑවන් එම්.වී. එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ විෂ රසායනිකික ද්‍රව්‍ය මුසුවීමෙන් මියගොස් ඇත්දැයි විමර්ශනය කරන බව, සමෘද්ධිය පරිසර ආරක්ෂණ අධිකාරිය පවසයි.
 
එම අධිකාරිය සඳහන් කළේ, ඒ අනුව එම සත්ත්වයින්ගේ පටක කොටස් විමර්ශන සඳහා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය විද්‍යා අංශය වෙත යොමු කරන බවය.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka