gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

ලංකාවට ඩොලර් 15 කට දෙන සයිනොෆාම් මාත‍්‍රාවක් තමන්ට ලැබෙන්නේ ඩොලර් 10 කට බව බංග්ලාදේශය තහවුරු කරයි

චීනය, සයිනොෆාම් එන්නත් මාත‍්‍රාවක් බංග්ලාදේශයට අලෙවි කරන්නේ ඩොලර් 10 ක මුදලකට බව බංග්ලාදේශ රජය තහවුරු කර තිබේ.

ඒ අනුව, සයිනොෆාම් එන්නත් මාත‍්‍රා මිලියන 15 ක ප‍්‍රමාණයක්, ඩොලර් මිලියන 150 ක මිලකට ලබා ගැනීමට බංග්ලාදේශය විසින් ඇණැවුම් කර තිබේ.

මෙම කරුණ තහවුරු කර සිටින්නේ, එරට අග‍්‍රාමාත්‍යවරයිගේ විශේෂ සහායක ලෙස කටයුතු කරන ෂා අලි ෆර්හාඞ් විසිනි.

සයිනොෆාම් මාත‍්‍රාවක් සදහා ශ‍්‍රී ලංකාව ඩොලර් 15 ක මුදලක් ගෙවද්දී, බංග්ලාදේශය ඒ සදහා ගෙවනු ලබන්නේ ඩොලර් 10 ක මුදලක් පමණක් බව බංග්ලාදේශ අග‍්‍රාමාත්‍යවරියගේ සහායකයා තහවුරු කර තිබේ.

බංග්ලාදේශය චීනයෙන් ඇනවුම් කර තිබෙන සයිනොෆාම් මාත‍්‍රා මිලියන 15, ජූනි – ජූලි සහ අගෝස්තු යන මාසවලදී එරටට ලැබෙන බවද ඔහු පවසයි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka