gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

ආසාදිතයන් හා මරණ ඉහල යනවා.. ඉදිරි දිනවල රට විවෘත කරන්න බැරිවෙයි !

සංචරණ සීමා දැඩිව ක්‍රියාත්මක කරමින් තිබුණ ද ඇතැම් ආයතන ලාභ ලබාගැනීමේ අරමුණින් එම සීමා නොතකමින් ඉතා කණගාටුදායක ලෙස කටයුතු කරන තත්ත්වයක් උද්ගතව ඇතැයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කරයි. මෙම තත්වය ඉදිරි දිනවල පැවතුණහොත් රට විවෘත කිරීමට නොහැකි වනු ඇතැයි ද සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා සඳහන් කළේය.

එම තත්ත්වයට මහජනතාව මෙන්ම රාජ්‍ය සහ පෞද්ගලික ආයතන ප්‍රධානීන් වගකිව යුතු බවද ඇතැම් පුද්ගලික ආයතන ප්‍රධානීන් කිසිසේත්ම අත්‍යවශ්‍ය සේවා නොවන සේවකයන් කැඳවමින් ඔවුන්ගේ ලාභ ලබා ගැනීමට කටයුතු කරමින් සිටින බව ද පෙනී යන බව ඔහු පැවසීය.

මෙම තත්වය ඉදිරියටද පැවතුනහොත් රට විවෘත කිරීම ඉදිරියට දින කීපයේදී සිදු කිරීමට නොහැකි වනු ඇති බවටද ඔහු අනතුරු ඇඟවීය.

මේ ආකාරයේ හැසිරීම් හේතුවෙන් අනෙකුත් මහජනතාවද ඉතා භයානක තත්වයකට තල්ලු වෙමින් යන බවක් පෙනෙන්නට ඇති බවද පැවසූ ඔහු එනිසා ආයතන පවත්වාගෙන යාමට අවශ්‍ය අවම කාර්යමණ්ඩලය කැඳවන ලෙස ද ඉල්ලා සිටියේ ය.

මේ ආකාරයෙන්ම කටයුතු කළහොත් ආසාදිතයන් කිසිසේත්ම අඩු නොවනු ඇති බවත් මරණ සංඛ්‍යාවද දෛනිකව ඉහළ යනු ඇති බවත් ඔහු තවදුරටත් පැවසීය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka