gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

චන්දිමාල්ට හා පියුමිට ඇප දුන්න හැටි ගැන අජිත් රෝහණගෙන් මතභේදාත්මක හෙළිදරව්වක්

චන්දිමාල් ජයසිංහ සහ පියුමි හංසමාලි ජුනි මස 11 වෙනි දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කරන ලෙස පොලීසිය සිය "බී" වාර්තාවෙන් ඉල්ලා සිටි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරයි. එපමනක් නොව ඔවුන් දෙදෙනාව නිරෝධායනයට ලක් කරන ලෙසද පොලිසිය සිය වාර්තාවෙන් ඉල්ලා සිටි බවද අජිත් රෝහණ මහතා සඳහන් කරයි.

ඔහු මේ අදහස් පල කලේ හිරු නාලිකාවේ වැඩසටහනකට එක්වෙමින් වන අතර එම ඉල්ලීම් වලට අදාළ පොලිස් වාර්තාවද පෙන්වා එහි පොලිසිය යොදා ඇති සටහන්ද කියවමින් කරුණු ඉදිරිපත් කළේ මෙම වාර්තා දැන් ප්‍රසිද්ධ වාර්තා බවද සඳහන් කරමිනි.

එහෙත් එහිදී විත්තිකාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන්ද කරුණු දැක්වූ බවත් ඒ කරුණුද සලකා බලා අධිකරණය විසින් ඔවුන්ට ඇප ලබාදුන් බව අජිත් රෝහණ මහතා වැඩිදුරටත් සඳහන් කරයි.

එනිසා ස්වාධීන අධිකරණයේ මතයට ගරු කිරීමට පොලිසියට සිදු වූ බවද අජිත් රෝහණ මහතා පෙන්වා දෙයි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka