gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

ජනතාව ජීවිතාරක්ෂාව ගැන බියකින් පසුවන මොහොතක ආණ්ඩුව මුග්ධ ලෙස පොර්ට් සිටි පනත සම්මත කරන්න තීරණය කළා - අනුර (VIDEO)

කොවිඩ් තත්ත්වයත් සමඟ ජනතාව ජීවිතාරක්ෂාව ගැන බියකින් පසුවන මොහොතක පොර්ට් සිටි වැනි පනතක් සම්මත කරගැනීම යෝග්‍ය නොවන අතර එයට පක්ෂ නායක රැස්වීමේදී අද (13) සිය විරෝධය පළකලද ඊට ඇහුම්කන් නොදී ආණ්ඩුව සුපුරුදු ලෙස තමන්ගේ ගෝරනාඩුව යොදාගෙන 19 හා 20 යන දෙදින තුළ ඒ ගැන පාර්ලිමේන්තුවේදී විවාද කර සම්මතකර ගැනීමට තීරණය කළ බව ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා පැවසුවේය.

මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ පක්ෂ නායක රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත ප්‍රකාශයක් නිකුත් කරමිනි.

මෙය කිසිසේත් ප්‍රජාතන්ත්‍රවාදී, ජනතා පරමාධිපත්‍යයට ගරු කරන තීන්දුවක් නොවන බවයි අනුර දිසානායක මහතා කියාසිටියේ.

''ආණ්ඩුව තමන්ගේ මුග්ධ,විනාශකාරී උත්සාහයන් ජනතාව  විපතට පත්වෙලා තිබෙන මොහොතක, ජනතාවට තමන්ගේ මරණය ගැන බියජනක තත්ත්වයක් පවතින මොහොතක ආණ්ඩුව උත්සහ කරමින් තිබෙන්නේ එවැනි විනාශකාරී පනතක් සම්මතකරගන්න. ආණ්ඩුවේ මෙම ප්‍රජාතන්ත්‍ර විරෝධී, විනාශකාරී ක්‍රියාදාමයට විරුද්ධව අපි අපේ විරුද්ධත්වය පාර්ලිමේන්තුවේ පක්ෂ නායක රැස්වීමේදී ප්‍රකාශයට පත් කළා. ආණ්ඩුව ඒ ගැන කිසිදු සැලකිල්ලක් නොදක්වා සුපුරුදු ලෙස ඔවුන්ගේ තීරණය ගනු ලැබුවා.''

රට සම්බන්ධයෙන්,උපනුපන් අනාගත පරම්පරාව වෙනුවෙන් තීරණාත්මක වෙන තීන්දුවක් ගැනීමේදී ඊට ජනතාවගේ හඬද අදාළ කරගත යුතු වුවත් ආණ්ඩුව එය බැහැර කර තිබෙන බවයි අනුර දිසානායක මහතා පෙන්වාදුන්නේ.

රටම අනතුරට හෙළන මෙම පනත  ජනතා සහභාගීත්වයක් නොමැතිව බලහත්කාරී ලෙස සම්මත කරගැනීමට දරන උත්සහ පරාජය කළ යුතු බව ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka