gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

කොවිඩ් මර්දනය යකඩ ඇඳන්වලට සීමා කරලා. මේ ආණ්ඩුවට මොංගල් - චමීර පෙරේරා (VIDEO)

කොවිඩ් 19 මර්දනය සඳහා අත්‍යාවශ්‍ය දේවල් පසෙක තබා ආණ්ඩුව එක දිගට යකඩ ඇඳන් හදමින් සිටින බවත් කොවිඩ් මර්දනය යනු ඇඳන් සැදීම බවට ආණ්ඩුව සිතා සිටින බවත් එක්සත් පුරවැසි සන්ධානයේ චමීර පෙරේරා මහතා පැවසුවේය.
ඔහු මේ බව සඳහන් කළේ අද (11) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදීය.

මෙයින් පෙන්නුම් කරන්නේ පොහොට්ටුවේ චින්තන දරිද්‍රතාවය බව චමීර පෙරේරා මහතා සඳහන් කළේය. 

''ඇඳන් ද මේ වෙලාවේ ඕන කරන්නේ. මේ වෙලාවේ අවශ්‍ය කරනවා ටෙස්ට් කරන එක. මුළු ලෝකයම කියන්නේ ටෙස්ට් ටෙස්ට් ටෙස්ට් කියල. අපි දැක්කනේ පහුගිය මාස දෙකහමාර තුළ ටෙස්ට් කරපු විදිහ. මේක ලෝකයේ පාලනය කර තිබෙන රටවල් පවා විධික්‍රමයක් විදිහට දිගින් දිගටම ටෙස්ට් කරපු එක කළේ. අපි දැක්කා වෛද්‍යවරු කියනවා,PHI මහත්වරුන්ගේ සංගමය කියනවා අපිට අවශ්‍ය කරන PCR කට්ටල නැහැ කියල. මේ රෝගීන් හමුවෙන විදිහට දැන් අපේ ධාරිතාවය පැනල. දැන් උග්‍ර අර්බුදයක් තියෙන්නේ. ඒ අර්බුදයට පිළිතුරු දෙන්නේ නැහැ. අපිට අවශ්‍ය වෙන්නේ ICU ඇඳන්. නිකම් ඇඳන්වල දැම්මා කියල මිනිස්සු හොඳ වෙන්නේ නැහැ. මිනිස්සුන්ට ඔක්සිජන් ඕන කරනවා. වෙන්ටිලේටර්ස් අවශ්‍ය කරනවා. ඖෂධ අවශ්‍යයි. ඖෂධ හිඟයක් තිබෙන බව කියනවා. මේ වගේ තත්ත්වයක් තියෙද්දී ආණ්ඩුව කරන්නේ ඇඳන් වලින් උත්තර දෙන එක.''

මෙය මර්දනය කළ,පාලනය කළ රටවල් දෙස බැලුවහොත් ඔවුන් ඒ සඳහා දැඩි සංචරණ සීමා පැනවූ බව පෙනෙන්ට තිබෙන බවයි  චමීර පෙරේරා මහතා පැවසුවේ. 

''රටේ ජනතාවට වඩා ආර්ථිකය ලොකු නැහැ. ආර්ථිකය පවත්වාගෙන යන්නත් මිනිස්සු ඉන්න ඕනේ'' යනුවෙනුයි චමීර පෙරේරා මහතා තවදුරටත් අදහස් දක්වා සිටියේ. 

මේ මොහොතේ ලංකාව තුළද ලොක්ඩවුන් කිරීමකට නොයන්නේ ජනතාවගේ ආර්ථිකය ගැන සිතා නොව හතර පස් දෙනකුගේ ආර්ථිකය වෙනුවෙන් බවද ඔහු කියා සිටියේය. 

එමෙන්ම අළුත් අවුරුදු සමයේ සංචරණ සීමා පනවන ලෙස රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය ඉදිරිපත් කළ යෝජනාව පරාජය කරමින් මනුෂ්‍ය ජීවිත නොසලකා හැරියේ කවුරුන්ද යන්නත් මේ  මොහොතේ දැන ගැනීමේ අවශ්‍යතාවක් පවතින බවයි ඔහු පෙන්වාදුන්නේ. 
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka