gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

උදයංගගෙන් මෙවර රුසියානුවන් ගෙන්වන ප්ලෑනක් !

දැනට තාවකාලිකව අත්හිටුවා ඇති ගුවන් ගමන් තහනම ඉවත් කල වහාම රුසියානු සංචාරක කන්ඩායම් මෙරටට ගෙන්වීමට තමන් සැලසුම් සකස්කර ඇතැයි රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග පවසයි.

අවම වශයෙන් සතියකට එක් ගුවන්වාරයක් වත් රුසියාවේ මොස්කව් සහ කටුනායක අතර සිදුකිරීමට එරෝෆ්ලොට් සහ ශ්‍රී ලංකන් ගුවන් සමාගම් අතර මේ වන විටත් සාකච්ඡා කරමින් සිටින බව පවසන උදයංග වීරතුංග, අවම වශයෙන් මාසයකට රුසියානු සංචාරකයන් 2500ක් වත් මෙරටට ගෙන්වා ගැනිමට තමන් අපේක්ෂා කරන බව පවසයි.

කෙසේ වෙතත් උදයංග වීරතුංගගේ ෆේස්බුක් ගිණුම පරික්ෂා කිරීමේදි ඔහු විසින් මීට පෙර සිදුකල යුක්රේන සංචාරකයන් ගෙන්වීමේ ව්‍යාපෘතිය හරහා අති විනාශකාරි කොරෝනා බි්‍රතාන්‍ය ප්‍රභේදය මෙරටට ඇතුල්වූ බවට චෝදනා එල්ල කල කොමෙන්ටු රාශියක් දක්නට ලැබෙන අතර, රට තව තවත් ආගාධයට ඇදගෙන යාමට මෙවැනි පුද්ගලයන් හට ඉඩ දෙන්නේ මන්දැයි ජනාධිපතිවරයාගෙන් ප්‍රශ්නකරන කොමෙන්ටු රාශියක්ද ඒ අතර දක්නට ලැබේ.

මහින්ද රාජපක්ෂ පාලන සමයේ රුසියාවේ ශ්‍රී ලංකා තානාපති ලෙස පත්කර සිටි උදයංග වීරතුංගට එරෙහිව කුප්‍රකට මිග්යානා මිලදි ගැනීමේ වංචාවේ ප්‍රධාන චුදිතයෙකු ලෙස ජාත්‍යන්තර රතු වරෙන්තු නිකුත්කර තිබුණි.

එමෙන්ම උදයංග වීරතුංග පසුගිය කාලයේදි යුක්රේන සංචාරකයන් මෙරටට ගෙන්වීමේදි රාජපක්ෂ පවුලේ ඥාතියෙකු ලෙස බලය පාවිච්චි කර සෞඛ්‍ය මාර්ගෝපදේශ නීති උල්ලංඝණය කල බවට ශ්‍රී ලංකා සංචාරක බියුරෝවේ ඉහළ නිළධාරින් විසින් චෝදනා එල්ල කරන ලදි.

-lankatruth


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka