gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

ඩොලර් 10එක අපි ගන්නේ 15ට.. කොරෝනා එන්නතෙන් ගහන්න හදන ගැහිල්ල මරික්කාර් හෙළිකරයි - (video)

සයිනෝෆාම් එන්නත් මාත්‍රා මිලියන 14ක් මිලදී ගැනීම වෙනුවෙන් ශ්‍රී ලංකා ආණ්ඩුව ඩොලර් මිලියන 07ක් වැඩිපුර ගෙවීමට කැබිනට් අනුමැතිය ගෙන තිබෙන බවත් ලෝක වෙළෙඳපොළේ පවතින මිල ගණන් පසෙකලා මෙලෙස වැඩියෙන් චීනයට හෝ කට හෝ ගෙවන්නේ ඇයිද යන්න සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් මහතා විමසා සිටියි. 

සයිනෝෆාම් එන්නතේ මාත්‍රාවක් බංගලාදේශයට ඩොලර් 10 කට දෙන විට ශ්‍රී ලංකාව එම එන්නතම මාත්‍රාවක් ඩොලර් 15 බැගින් මිලදී ගන්නේ ඇයිද යන්න පිළිබඳවයි මන්ත්‍රීවරයා විමසා සිටින්නේ. 

ඒ අනුව මාත්‍රා මිලියන 14ක් ගෙන්වන විට වැඩිපුර ඩොලර් මිලියන 07ක් ගෙවීමට සිදුවන අතර රටේ ආර්ථිකය සී සී කඩ ගොස් තිබෙන අවස්ථාවක මෙලෙස වැඩි මුදලක් ගෙවීමට හේතුව ආණ්ඩුව දැක්විය යුතු බව ඔහු පැහැදිලි කරයි. 

වැඩියෙන් ගෙවන මුදල යන්නේ චීනයටද නැත්නම් කාගේ හෝ සාක්කුවකටද යන්න ආණ්ඩුව පැහැදිලි කළ යුතු බව මන්ත්‍රීවරයා වැඩිදුරටත් අවධාරණය කරයි. 


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka